Tuesday, May 31, 2016

ප්‍රංශය කළඹන කම්කරු සටන්

ප්‍රංශයේ දක්ශිනාංෂික පක්ෂවල නැගීම හමුවේ මඳක් පසුබා සිටි ප්‍රංශ වාමාංශය මෑතකදී එරට රජය විසින් හඳුන්වා දීමට යන නව පනතක් හේතුවෙන් පණ ගසා නැගිට තිබෙනවා.

සතියකටත් වැඩි කළක් ප්‍රංශයේ වෘත්තීය සමිති රජයට බලකර සිටින්නේ එම නීති හකුළා ගන්නා ලෙසයි.

රටේ බලශක්ති ක්ෂේත්‍රය ඇතුලු විවිධ ක්ෂේත්‍ර රැසක් මේ වනවිට දැඩි අර්බුධයකට පත්වී තිබෙනවා.

අලුත් නීති අනුව හාම්පුතුන්ට සේවකයින් බඳවා ගැනීම සහ ඉවත් කිරීම පහසු වන බව පැවසෙනවා. රටේ කම්කරු නීති වෙනුවට ආයතනික කම්කරු නීති හඳුන්වා දීමේ අවස්ථාව ලැබෙනවා.

මේ පනතට එරෙහිව දක්ෂිනාංශිකයන් නම් වීදි බසිනු දකින්න ලැබෙන්නේ නැහැ.

නමුත් මෙහි අගනාම කරුණ වන්නේ මෙම පනත හඳුන්වා දී ඇත්තේ වාමාංශික සමාජවාදී පක්ෂ රජයක් විසින් වීමයි.

අමු නිරුවතින් ලන්ඩනයේ සයිකල් පැද්ද ඉන්දීය තරුණිය​ (18+)


ලෝක නිරුවත් පාපැදි සවාරියේ ලන්ඩන් නගර සවාරිය පසුගිය දිනෙක එම නගරයේදී පවත්වනු ලැබුණා. සිය ගණනක් සයිකල්කරුවන් අඩ නිරුවතින් හෝ සම්පූර්ණයෙන්ම නිරුවතින් මෙම සවාරියට සහභාගී වුනා.

මෙම සවාරිය පවත්වනු ලබන්නේ පරිසර හානිය පිළිබඳ දැනුවත් කිරීමටයි. ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට කරන පෙළඹවීමක් ලෙස මෙයට සහභාගීවන්නන් බයිසිකල් පැද යන අතර ඇතැමුන් පරිසර හානිය පිළිබඳ වැකි, චිත්‍ර ආදිය සිය ශරීරවල පින්තාරු කරගෙන මෙම අවස්ථාවට සහභාගී වනවා.

මෙවර පැවති සවාරිය පිළිබඳ විශාල කතාබහක් මෑතකදී ඉන්දියාවේ ඇති වුණා. එයට හේතු වූයේ ඉන්දියානු ජාතික තරුණියක මෙම සයිකල් සවාරියට සහභාගී වූ බව වාර්තා පළවීමත් සමඟයි.

මීනල් ජයින් නම් වන මෙම තරුණිය මුලුමනින්ම නිරුවතින් බයිසිකල් සවාරියට සහභාගී වන පින්තූර මාධ්‍යවල ප්‍රචාරය වුණා.

ඒ සමඟම ඉන්දියානු මාධ්‍ය සමහරක් ඇයට දරුණු ලෙස පහර දුන්නේ මෙය එරට සංස්කෘතියට නොගැලපෙන බව පවසමින්. ලෝක නිරුවත් සයිකල් සවාරියට සහභාගී වූ පළමු ඉන් දියානු කාන්‍තාව ඇය වීම මෙම ප්‍රහාරයට තවත් හේතු වුණා.

ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කළේ ස්ව කැමැත්තෙන් ප්‍රසිද්ධියේ නිරුවත් වූ පළමු ඉන්දියානු කාන්තාව බවයි.

නමුත් මීනල් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා. ඇයගේ විවේචකයින්ට පිළිතුරු දෙමින් කියා සිටියේ මීට පෙර විවිධ නිරූපණ ශිල්පිනියන් ප්‍රසිද්ධියේ නිරුවත් වී ඇති බව​.

ඇය නිරුවත් වූයේ වැදගත් පණිවිඩයක් ලබාදීමේ චේතනාවෙන් බව මීනල් කියා සිටිනවා.

අක්කලාට මෙන් ලොකු පස්සක් ඇති පෙම්වතියක් සොයාගත් බාල සොහොයුරා (Photos)

කර්ඩශියාන් පවුල ඇමරිකාවේ ප්‍රසිද්ධියට පත් වූයේ ඔවුන් සහභාගී වන රියැලිටි වැඩසටහනක් නිසාවෙන් ම පමණක් නෙවෙයි. කර්ඩශියාන් සහෝදරියන් සතු රූ සපුව ඊට හේතුවක් වුනා. විශේෂයෙන්ම කිම් කර්ඩශියාන් සහ ඇගේ බාල සහෝදරිය වන ක්ලෝයි කර්ඩශියාන්ගේ විශාල තට්ටම් කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමු වනවා. ඒ වගේම​, කිම්ගේ වැඩිමල් සහෝදරිය කෝර්ට්නි ද විශාල පසුපසකට හිමිකම් කියනවා.
රොබ් සහ බ්ලැක්

ඇත්තෙන්ම කිව්වොත් කිම් කර්ඩශියාන් ගේ 'අලි පුක​' කර්ඩශියාන් පවුලේ සංකේතය වී තිබෙනවා. එතරම් අවධානයක් යොමු නොවුනත් ක්ලෝයිට ඇත්තේද ඇගේ අක්කාගේ පුක​ තරමට ආසන්න පුකක්.
කර්ඩශියාන් පවුලේ සංකේතය: කිම්ගේ පුක​
ක්ලෝයි
කෝර්ට්නි

මේ අක්කලා තුන් දෙනාගේ බාල සහෝදරයා වන 29 හැවිරිදි රොබ් තවත් මාස කිහිපයකින් විවාහ වීමට නියමිතයි. ඒ නිරූපිකාවක වන බ්ලැක් චයිනා සමඟයි. මේ වනවිට ඔවුන් දෙමාපියන් වීමටත් සූදානම් වෙනවා. මේ බ්ලැක් චයිනාගේ දෙවැනි දරුවායි.

බ්ලැක් චයිනා කියන්නෙත් වටකුරු, විශාල පසුපසක් තියෙන තරුණියක්.

බ්ලැක් චයිනා

28 හැවිරිදි බ්ලැක් චයිනා කර්ඩශියාන් පවුලට ගැලපෙන්නේ රොබ්ගේ අක්කලාට වගේම ඇයටත් ලොකු පස්සක් තියෙන නිසා වෙන්නත් පුලුවනි.

Monday, May 30, 2016

එමිලියා ක්ලාර්ක් Game of Thrones හි නිරුවතින් රඟපෑවේ වොඩ්කා බීලා ලු

ඉංග්‍රීසි ජාතික 29 හැවිරිදි නිළි එමිලියා ක්ලාර්ක් Game of Thrones කතා මාලාවේ Daenerys Targaryen චරිතයට පණ පොවනවා.

මෑතදී විකාශය වූ එම කතාවේ එක් කොටසක ඇය සම්පූර්ණ නිරුවතින් රඟපාන අවස්ථාවක් අඩංගු වුණා.

එම කොටස රඟ පෑමට ඇයට වොඩ්කා ටිකකුත් එම අවස්ථාවේ විශේෂ ආලෝකකරණයත් උපකාර වූ බව ඈ ඩේලිමේල් පුවත්පතට පවසා තිබුණා.

එම ජවනිකාව ඈ ඉතා ප්‍රිය කළ එකක් බවත් එයින් කාන්තාවගේ ශක්තිය පිළිබිඹු වන බවත් එමිලියා තවදුරටත් කියා තිබුණා.

එම ජවනිකාවේ දකින්නට ලැබෙන්නේ තමන්ව අවතක්සේරු කළ සතුරු පිරිසකගේ මූලස්ථානයක් ගිනිබත් කර කිසිදු අනතුරක් නොමැතිව නිර්වස්ත්‍රයෙන් ඈ එළියට එන ආකාරයයි. ඇගේ ඇඳුම් ගිනිබත් වී විනාශ වෙන්නට ඇතැයි සිතන්න පුලුවනි.

මේ අතර මින් පෙර වාර්තා වුන ආකාරයට එමිලියා තමුන් නිරුවතින් රඟපාන ජවනිකාව රූපවාහිනියේ විකාශය වනවිට එය බලා ඇත්තේ සිය දෙමාපියන් සමඟයි.

Game of Thrones හි සිය නිරුවත් රංගනය දෙමාපියන් සමඟ නැරඹූ එමිලියා (Photos, Video)

Saturday, May 28, 2016

සරාගී ඉන්දියානු නිළි තමන්නා (Photos)

තමන්නා තවමත් 26 වැනි වියෙහි පසුවන සරාගී ඉන්දියානු නිළියක්.

ඇගේ රූ සොබාව සහ රංගන හැකියාව හේතුවෙන් තමන්නාගේ රසිකයින් විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා.

1989 දෙසැම් බර් 21 වනදා මුම්බායි (බොම්බාය​) නුවර උපන් ඈ වයස අවුරුදු 16 දී බොලිවුඩ් සිනමාවට එක් වූවා. නමුත් කෙටි කළකින්ම ඈ දමිළ සිනමාවට එක් වූ අතර අද වනවිට පසුව තෙළිඟු සිනමාවේ (ටොලිවුඩ්) ප්‍රකට චිත්‍රපට කිහිපයකටම රඟ පෑමෙන් දායක වුණා.




2009 දී කන්දන් කාදලෙයි දමිළ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම දමිළ චිත්‍රපට නිළියට හිමි සවුත් ස්කෝප් සම්මානය දිනූ තමන්නා 2011 දී 100% Love චිත්‍රපටය වෙනුවෙන් හොඳම තෙළිඟු චිත්‍රපට නිළියට හිමි හයිද්‍රාබාද් ටයිම්ස් චිත්‍රපට සම්මානය දිනා ගත්තා.

ගිං ගඟ පිටාර ගලයි, කැළණි ගඟේ ජල මට්ටම ඉහළට​

ඊයේ සවස සිට ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට සහ බස්නාහිර​, දකුණ ආදී පළාත්වලට තද වැසි ඇද හැලුණා.

මේ හේතුවෙන් අද උදේ වනවිට ගිං ගඟ කිහිප තැනකින් පිටාර ගලා තිබෙනවා.

දින කිහිපයකට පෙර කොළඹ අවට ජල ගැලීම​
උඩුගම​-බද්දේගම සහ උඩුගම​-නෙලුව මාර්ග ජලයෙන් යටවී තිබෙන බව ද සඳහන්.

මේ අතර කැළණි ගඟේ ද ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා.

ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් වගේම හන්තාන කඳුවැටියේද නායයාමේ අවදානම තවමත් පවතිනවා.

Friday, May 27, 2016

ලංකාවේ ඉස්ලාම් අන්තවාදී පාසැලක්?


මහනුවර, මඩවල මදීනා ජාතික පාසලේ පාසල් අභිවෘද්ධි සංගමය විසින් එම පාසල මුහුණ දී ඇතැයි කියන සංස්කෘතික සහ පාලන ගැටළු කිහිපයක් සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යවා තිබෙනවා.

එම සංගමය විසින් පාසල මුහුණ පා ඇති ගැටළු කිහිපක් පිළිබඳව එම ලිපියෙහි සඳහන් කොට ඇති අතර  මඩවල සංස්කෘතික අනන්‍යතාවයට හානි පැමිණීම , විනය ගැටළු පැන නැගීම, අසමගිය හා ගැටුම් ඇතිවීම හා ප්‍රමාද වී පාසල් එන ගුරු අනුපාතය ඉහළ ගොස් තිබීම යන කාරණා ඒ අතර වේ.

මේ අතර පාසැල බටහිරකරණය වීම සහ ගැහැණු ළමුන් ක්‍රීඩාවන්හි නිරත වීම වැනි කරුණු පිළිබඳව ද එම සංගමය සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

එම අභිවෘද්ධි සංගමය විසින් අදාළ ගැටළුවලට විසඳුම් ලෙස යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර මඩවල ප්‍රදේශයේම ගුරුවරයෙකු විදුහල්පති තනතුරට පත් කිරීම, පාසල් ගරු මණ්ඩලය තුළ මඩවල මුස්ලිම් ගුරු අනුපාතය 100% දක්වා වැඩි කිරීම, අන්‍ය ජාතික ගුරුවරුන්ට සහ දුර සිට මදීනා පාසලට එන ගුරුවරුන්ට තමන් කැමති සිංහල හෝ වෙනත් පාසලකට යාමට නිදහස දීම යන යෝජනා අන්තර්ගත වේ.

කෙසේ වෙතත් ජාතික පාසැලක් ද වන මදීනා විද්‍යාලයට වෙනම නීති පැවතිය නොහැකියි. මොවුන් මේ ඉදිරිපත් කරන්නේ තලේබාන් සහ වැනි සංවිධාන විසින් ඉදිරිපත් කෙරෙන ආකාරයේ විසඳුම් මිස ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉදිරිපත් කෙරෙන විසඳුම් නොවේ.

ඉරාක හමුදා ෆලූජා නගරය වටලයි (VIDEO)

ඉරාක හමුදා මේ වනවිට ISIS ත්‍රස්තවාදීන් යටතේ පවතින ෆලූජා නගරයට පහර දෙමින් සිටිනවා.

ෆලූජා නගරය තුල ISIS සටන්කාමීන් 1000 ක් පමණ සිටින බව වාර්තා වන අතර සිවිල් වැසියන් 50,000 ක් පමණ සිටින බවත් විදේශ මාධ්‍ය කියා සිටියා.

නගරය ඉරාක හමුදා සහ ෂියා මිලීෂියා භටයන් විසින් වටලනු ලබ තිබෙනවා. ISIS සටන්කාමීන් සිවිල් වැසියන්ට පිටව යාමට නොදී බලෙන් රඳවාගෙන සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

Thursday, May 26, 2016

අමන්දා නිරුවත් වෙයි. කියන්න පුලුවන් ද එයාගෙ වයස​?

බ්‍රිතාන්‍ය ජාතික නිළියක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන අමන්දා හෝල්ඩන් ජීවිතයේ පළමු වතාවට නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටියා.

ඇගේ දැන් වයස අවුරුදු 45 ක්.

මීට පෙර වරක් ඈ ප්‍රකාශ කර තිබුණේ වැදගත් හේතුවක් වේ නම් සම්පූර්ණයෙන් නිරුවතින් වුවද ඡායාරූපයකට පෙනී සිටින්නට ඈ පසුබට නොවන බවයි.

අවසානයේදී ඇයට නිරුවතින් ඡායාරූපයකට පෙනී ඉන්නට හේතුවක් ලැබුණේ සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් සටන් කරන PETA සංවිධානය හරහායි.

එලවලු ගොඩක් මත වැතිර සිටින අමන්දා තම දකුණු අතින් පියයුරු වැසෙන සේ එම අත තබාගෙන සිටිනවා. ඇගේ දකුණතෙහි වන වළල්ලක් හැරුන විට අමන්දා සිටින්නේ සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රවයි.

ඇය මෙම පින්තූරයෙන් කියා සිටින්නේ මස් අනුභව නොකර එලවලු පමණක් අනුභව කරන ලෙසයි.

මෙම ඡායාරූපය එඩිට් කිරීමක් කර නොමැති අතර ඇගේ සම ඒ ආකාරයෙන්ම පෙනෙන්නට තිබෙනවා. අමන්දා පවසන්නේ වයස අවුරුදු 13 පටන් ඈ මස් මාංශ අනුභව නොකළ බවයි. ඇගේ සම රැකීමේ රහස එය බැව් ඈ පවසනවා.

රිහානාගේ දුහුල් ඇඳුම​

රිහානා විවිධ අවස්ථාවල සිය ඇඳුම් ආයිත්තම් නිසා, විශේෂයෙන්ම ඒවා අඩුවෙන් පාවිච්චි කිරීම නිසා, පුවත් මවන තරුණ ගායන ශිල්පිණියක්.

ඊයේ දින ඈ ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ සෝහෝ ප්‍රදේශයේදී එවන් ඇඳුමකින් සැරසී සිටිනු විදෙස් මාධ්‍යවේදීන් විසින් කැමරාවට හසු කරගනු ලැබුණා.

කොළ පැහැති දිග ලේස් ඇඳුමකින් ඈ සැරසී සිටි අතර සුදුවන් පාවහන් යුවළක් සහ ඇගේ දෙතනට මඳක් පහළින් දිවෙන පටියක් ද ඇගේ පැළැඳුම් අතර වුණා. ඇගේ ඇඳුමේ ඉදිරිපස ඉහළ සිට පහළටම සිපර් එකක් දකින්න ලැබුණා.


ඇගේ ඇඳුම බොහෝ කොටම දුහුල් වූ නිසා ඇගේ කලු පැහැති පෑන්ටිය පැහැදිලිව දිස් වුණා. රිහානා බ්‍රෙසියරයක් ඇඳ සිටියේ නැහැ. තම දකුණු තන පුඩුව විද ඈ පැළඳ සිටින ආභරණයද ඇගේ ඇඳුම අස්සෙන් යන්තමට පෙනෙන්නට තිබුණා.

Game of Thrones හි සිය නිරුවත් රංගනය දෙමාපියන් සමඟ නැරඹූ එමිලියා (Photos, Video)

එමිලියා ක්ලාර්ක් Game of Thrones කතා මාලාවේ Daenerys Targaryen නම් චරිතයට පණ දෙන 29 හැවිරිදි ඉංග්‍රීසි ජාතික නිළියක්.

ඈ මේ දිනවල තිරගතවන සයවැනි කතා මාලාවේ එක් කොටසක නිරුවත් රංගනයකින් දායක වුණා.

එහි නිරූපණය වන්නේ Daenerys, ගිනිගන්නා ගොඩනැගිල්ලක් තුල සිට ඈ කිසිදු තුවාලයක් නොමැතිව පිටතට එන ආකාරයයි.

ඈ එසේ පිටතට එන්නේ තම උපන් ඇඳුමෙන්; වෙනත් විදියකින් කිව්වොත් අමු හෙලුවැල්ලෙන්.

මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්පතට ප්‍රකාශයක් කළ ඈ කියා තිබුණේ එම දර්ශනය පිළිබඳ ඈ ඉතා සතුටු වූ බවයි. සෑම කතා මාලාවකදීම වගේ ඇයට ලොමු දැහැ ගැන්වෙන අංගයක් ලැබෙන බව ඈ මතක් කර තිබුණා.

නමුත් තමා අවසන් වරට නිරුවතින් රඟපෑවේ තෙවැනි කතා මාලාවේ බව ඈ මතක් කර දුන්නා.

එමිලියා ඉතා සරාගී නිළියක බව බොහෝ දෙනා පිළිගන්නවා. එස්ක්වයර් සඟරාව 2015 දී ලොව ජීවත්වන සරාගීම කාන්තාව ලෙස ඇයව නම් කළා.

පහළ පින්තූරයෙන් ඈ නිරුවතින් රඟපෑ කළින් අවස්ථාවක් දැක්වෙනවා. 

මෙවර අංගය අඩංගු වූ කොටස රූපවාහිනියේ තිරගත වෙද්දී එමිලියා රූපවාහිනිය නරඹමින් සිට තිබෙනවා. ඒ ඇගේ දෙමාපියන් සමඟ වීම විශේෂත්වයක් වන බව කොස්මොපොලිටන් වෙබ් අඩවිය වාර්තා කළා.

Wednesday, May 25, 2016

බල්ලා සමඟ නිරුවතින් යන කාන්තාව​ (PHOTOS)

චෙකෆ්ගේ ප්‍රකට කෙටි කතාවක් බල්ලා කැටුව යන කාන්තාව​. එයට පාදක වෙන්නෙ සුරතල් බල්ලකු ඇවිද්දවන කාන්තාවක්. බටහිර රටවල තම සුරතල් බල්ලන් ඇවිද්දවන්න යන කාන්තාවන් ඕනෑ තරම් දකින්න පුලුවනි.

නමුත් පසුගිය දිනෙක එංගලන්තයේ කෝර්න්වෝල් ප්‍රදේශයේ වෙරළක දකින්න ලැබුණේ සාමාන්‍යයෙන් නොදකින ආකාරයෙන් බල්ලන් ඇවිද්දවන්න යන කාන්තාවක්.

බල්ලන් දෙදෙනක් සමඟ වෙරළේ ඇවිද ගිය මේ කාන්තාව සිටියේ සිය බලු සුරතලුන් සිටි ආකාරයෙන්ම නිරුවතින්. කෙසේ වුනත් ඈ අමු හෙලුවැල්ලෙන් සිටියේ යයි කීම ඇයට කරන බලවත් අසාධාරණයක්. මොකද ඇය හැට් තොප්පියක් පැළඳ සිටි නිසා.

පසුගිය දිනවල එංගලන්තයට බලපෑ දැඩි උශ්ණත්වය නිසා ඈ මෙසේ හෙලුවෙන් ඇවිද යන්නට ඇතැයි සිතන්න පුලුවන්.

Tuesday, May 24, 2016

අරණායක මිනිසුන් බඩගින්නේ තැබීමට Neth FM මෙහෙයුමක්

අරණායක ප්‍රදේශයේ නායයාමෙන් අවතැන් වූ මිනිසුන්ට ආහාර ලබාදීම කඩාකප්පල් කිරීමේ වක්‍රාකාර උත්සාහයක Neth FM නිරත වන්නේදැයි සැක මතුව තිබෙනවා.

මක් නිසාද කිවහොත් අරණායකට යවන කෑම අපතේ යන බවට විශාල ප්‍රචාරයක් ලබා දීමට ඔවුන් උත්සාහ කරන නිසා.

මෙම උත්සාහය පිටිපස කිනම් අවශ්‍යතාවයක් ඇත්දැයි පැහැදිලි නැහැ.

ඇත්තෙන්ම ඉක්මණින් නරක් වන කෑම අරණායකට යැවීමෙන් නාස්ති වන බව ඇත්ත​. නමුත් වැදගත් වන්නේ වියළි ආහාර සහ වෙනත් අවශ්‍යතා සැපිරීමයි.

Neth FM Off Air නම් තීරය ඔස්සේ ගොසිප් පමණක් ප්‍රචාරය වන අතර එම තීරයේ මෙම ප්‍රවෘත්තිය ද පළ කර තිබෙනවා.

වගකිව යුතු මාධ්‍ය ආයතනයක් නම් කළ යුතුව තිබුණේ මිනිසුන්ට අවශ්‍ය දෑ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මිස කෑම ගේන්න එපා කීම නොවේ.

Off Air තීරය භාරව සිටින්නේ විවිධ මාධ්‍ය ආයතනව රැඳෙමින් ඉවත් වෙමින් තැනින් තැන යන වගකීමක් රහිත 'ජඩ මාධ්‍යකරුවකු' බව ප්‍රකට කරුණක්.

ඔහුගේ නම අපි දැන් එළි කරන්නේ නැහැ. නමුත් එය යථා කාළයේදී කරළියට ඒවි.

කිම්ගේ අලුත්ම විනිවිද පෙනෙන ඇඳුම​ (Photos)

අමෙරිකානු රියැලිටි තරුවක්වන කිම් කාඩේෂියන් කලින් කලට උණුසුම් පුවත් මවන්නියක්.

කිම්, තම සරාගී සිරුරෙහි හැඩය සහ අඟපසඟ හොඳින් නිරාවරණයවන පරිදි තම ඇඳුම් තෝරාගැනීමත් ඡායාරූපවලට පෙනීසිටීමත් ඇගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් ලෙස සැලකිය හැකියි.

කිම් කාඩේෂියන් ඊයේ (23) රාත්‍රියේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වුණු රාත්‍රී භෝජනයකට පැමිණියේ තම සැමියා ද සමග යි.

මෙම රාත්‍රී සාදයට ඇය භාවිත කර තිබූ ඇඳුම නිසා පැය කිහිපයක් ඇතුළත අන්තර්ජාලය සහ සමාජ ජාල තම නමට නතු කරගන්නට කිම් සමත් වී තිබෙනවා.

අගනා මල් මෝස්තරයකින් හැඩ කෙරුණු ගවුමක් සහ එයටම ගැලපෙන සාළුවක් ගෙල වට ඔතාගෙන ඇය එහි පැමිණ සිටියා.

මෙම ගවුම ඇගේ මුළු සිරුරම ආවරණය කළත් සෑම දෙනාගේම දෙනෙත් ඇය වෙතින් ඉවත් නොවූයේ එය විනිවිද පෙනෙන ගවුමක් වීම නිසා යි.








ගංවතුරෙන් පසු විදුලි පද්ධතිය ගැන පරෙස්සම් වෙන හැටි

ගංවතුරෙන් පස්සේ ගෙවල් තියෙන විදුලි පද්දතියට අත තියන්න යන්නේ බලාගෙන.

විදුලි බල මණ්ඩලෙන් ඔබගේ පලාතට ලයිට් කපල ඇති. වතුර බැහැලා ගියහම ඔවුන් සැපයුම දමාවි. එතකොට ඔබේ නිවසට කරන්ට් එක ඒවි.

නමුත් ගෙදර ප්‍රධාන ස්විචය (main switch) හෝ වෙනත් කිසිම විදුලි උපාංගයක් අල්ලනවත් යන්න එපා! ලයිට් දාන ස්විච්, ප්ලග් පොයින්ට් ඇතුලට වතුර/මඩ ගිහින් තියෙන්නේ. බිමත් බිත්තියත් ඔක්කොම හොඳටම තෙත නිසා විදුලි කාන්දු වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි!

හොඳම දේ තමයි මුළු පද්ධතියම විදුලි කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම! හැම ස්විච් එකක්ම, ප්ලග් එකක්ම ගලවල එකින් එක චෙක් කරන්නම ඕනේ. ඇතුලේ තියෙන වතුර සම්පුර්ණයෙන්ම යවල සුද්ද කරලා වේලෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ තමයි, එකින් එක පරිපථ චෙක් කරගන්න ඕනේ!

විදුලිය එක්ක වැඩ පුරුදු නැත්තම් තනියෙන් කරන්න එනම් යන්න එපා!

මේක සුළුවට ගන්න එපා, හදිස්සි වෙන්න යන්නත් එපා! විදුලියත් සුළු වැරැද්දකට උනත් කිසිම සමාවක් නැහැ!

Shami Mudunkotuwa - Facebook

TV දෙරණ නිසා මිනිසුන් බඩගින්නේ

දෙරණ විසින් කරන ලද බොරු ප්‍රචාරයක් හේතුවෙන් මිනිසුන් දහස් ගණනකට බඩගින්නේ ඉන්නට සිදු වුණා.

මෙහිදී සිදු වුනේ ඉතා නින්දිත ක්‍රියාවක්. වෙනත් පිරිසක් විසින් පටන් ගත් වැඩට එන ගමන් වැඩිපුර බත් එකක් ගෙනෙන්න කියන ව්‍යාපෘතිය දෙරණ විසින් හොරකම් කළා. නමුත් එයාලට ඒක කරගන්න බැරි වුනා.

එයාලා ඒ නිසා කතාවක් යැව්වා මිනිස්සුන්ට කෑම තියෙනවා කියලා. අන්තිමට මිනිස්සුන්ට ලැබෙන කෑමත් නැති වුණා.

මේ ඒ ගැන ලියූ එක ෆේස්බුක් සටහනක්.

හෙට උදේ ඉදන් ආයෙත් පටන් ගන්නවා මරදානේ ස්ටේෂන් එකේ කැන්ටින් එක ළග

මේ පෝස්ට් එක මගෙ වෝල් එකෙන් මහගොඩක් දකින එකක් නෑ....

අද රෑ අපි බරපතළ කෑම හිඟයකට මූණ දුන්නා අංගොඩ දී... නමුත් යකඩ වගේ හිත හයිය කොල්ලො ටිකකුත්, කඩියො වගේ අත් උදව්කාරයො ටිකකුත් නිසා පැයක් ඇතුළත අපි ඒ ප්‍රශ්නෙ විසඳලා 5,000කට රෑ කෑම දුන්නා.... අපිට ඒ කෑම ප්‍රශ්නෙ ගෙනාවෙ එක්තරා ටීවී චැනල් එකක්.... ඔවුන් ටීවී එකේ කිව්වා දැන් කෑම ගේන්න ඕන නෑ කියල....

අපට කෑම අවශ්‍යයි...! අංගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, ගොඩගම සහ කොටිකාවත්තට තවමත් පිසූ ආහාර අවශ්‍යයි....! විශේෂයෙන් මේ යන විදියට හෙට දවල් ඒ මිනිස්සු බඩගින්නෙ ඉඳීවි.... අද රෑ අපි සීනිසම්බෝල සමග පාන්වලින් පිරිමැහුවා... හෙට මොකද කරන්නෙ....

කෝච්චියෙන් එකතු කළ කෑම ව්‍යාපෘතිය ආයෙත් අවශ්‍යයි...! Naleen Dilruksha අයියෙ ඉන්න තැනකින් බැහැපන්, උඹව ඕනෙ මේ වෙලාවෙ...

ගංවතුර ඉවර නෑ... මිනිස්සුන්ට බඩගිනි වෙලා ඉවර වෙන්නෙත් නෑ... එක එක ටීවී සහ රේඩියෝ චැනල්වලට ඒක තේරෙන්නෙ නෑ.... ඒ නිසා වගකීමෙන් කියනවා භූමියෙ විස්තර ගැන එක එක චැනල්වලින් අහන්න එපා හත්තිලව්වේ.......

- Chameera Jeewantha Dedduwage

මනුසත් දෙරණ ලැජ්ජයි, කුජීතයි, නින්දිතයි.

Monday, May 23, 2016

පූජාගේ රෝස පාට යට ඇඳුමේ ඇත්ත කතාව​

ප්‍රකට නිළි පූජා උමාෂන්කර් ළඟදී ෆේස්බුක් හරහා වීඩියෝවක් නිකුත් කරමින් ගංවතුර ආධාර සකසන අවස්ථාවක් පෙන්වූවා.

මෙහිදී ඈ කියා සිටියේ මේ සඳහා ඕනෑම කෙනකුට ආධාර කළ හැකි බවත් රුපියල් දහසක වියදමින් එක මල්ලක් බැගින් ආධාර මලු සකස් කරන බවත්.

මේ එක මල්ලක ඇඳ ඇතිරිල්ලක්, සරමක්, ටී ෂර්ට් එකක් මෙන්ම කාන්තා, පිරිමි යට ඇඳුම් සහ දත් බෙහෙත්, දත් බුරුසු, සබන් ආදිය අඩංගු වුණා.

ඇත්තෙන්ම බොහෝ දෙනාට අමතක වූ අංශයක් කෙරෙහි තමයි මෙහිදී පූජා අවධානය යොමු කළේ. නායයාම සහ ගංවතුර නිසා අවතැන් වූ අය බොහෝ දෙනාට ඇඳුම් සහ සනීපාරක් ෂක අපහසුතා තිබුණා.

ඇතැම් අය පූජා අතේ තිබුණු රෝසපාට ජංගිය ගැන විහිලු කළා. සත්‍ය තත්ත්වය නම් ඈ කළේ අති විශාල සේවයක්. ආධාර කළා පමණක් නොව මේ අවශ්‍යතා ගැන ජනතාව ෆේස්බුක් ඔස්සේ හෝ දැනුවත් කිරීමෙන්.

ගංවතුරට වාහනේ අහු වුනා නම් කරන්න දේවල් අටක්

1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක් තියනවා.

2. වාහනේ කොච්චර ගංවතුරෙ ගිලුනද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. වාහනේ ගෑවිලා තියන මඩ හෝ වතුර ලෙවල් එක බලන්න. ගොඩක් වෙලාවට ලෙවල් එක දොරේ යට කොටසින් ඉවරයි නම් ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට රක්ෂණ සමාගම් වලින් වාහනයක් ගංවතුරට අහුවුනා යැයි සළකන්නෙ ඩෑෂ්බෝඩ් එක ළඟට වත් වතුර පිරිලා නම් විතරයි.

3. කෝල් ඉන්ෂුවරන්ස්
ඔයා දාල තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම්, ගංවතුර සහ ස්වාභාවික විපත් ආවරණය ලබාගෙන තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ. මොකද ඒකෙ ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරනය අඩංගු වෙනවානම් ඔයාගේ රෙපෙයාර් එකට යන ගාන ක්ලේම් කරගන්න පුලුවන්. ප්‍රශ්ණයක් නෑ.

4. ඒ වැඩේ ඒ පැත්තෙන් වෙනකොට මේ පැත්තෙන් අපි වාහනේ ගොඩදාගන්නත් එපැයි. මුලින්ම ඇතුලෙන් පටන්ගන්න. වාහනේ ඇතුලට වතුර ගිහින් නම් වාහනේ දොරවල් ඇරලා කාපට් ඔක්කොම අයින් කරලා ඉක්මණින් වතුර ටික අයින් කරන්න. ටවල් දාලා හොඳට වේලගන්න. නැත්තම් ෆුට්බෝඩ් එක පරිස්සම් කරගන්න බැරිවෙනවා.

5. ඔයිල් සහ එයාර් ක්ලීනර් චෙක් කරන්න
ඔයිල් කූරෙ වතුර හෝ ඔයිල් ලෙවල් එක වැඩියෙන් පෙන්වනවා නම් හෝ එයාර් ෆිල්ටර් එකේ වතුර නම් එන්ජිම ස්ටාර්ට් කරන්න යන්න එපා. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටිකත් ඒ විදිහටම චෙක් කරගන්න.

6. අනිත් ඔයිල් වර්ග ටිකත් චෙක් කරගන්න
අලුත් වාහන වල නම් සීල්, හැබැ‍යි පරණ වාහන වලට එනකොට බලන්න වෙනවා. බ්‍රේක්, ක්ලච්, පවර් ස්ටියරින් සහන් කූලන්ට් අපවිත්‍ර වෙලාද බලන්න.

7. ඊට පස්සෙ බලන්න ඉලෙක්ට්‍රික් සිස්ටම් ටික. එන්ජින් එකේ වරදක් නැත්නම් වාහනේ ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, A/C, රේඩියෝ පවර් ලොක් ෂටර්ස් සහ සීට් වැඩද බලන්න.

8. වාහනේ ටයර් සහ වීල් චෙක් කරන්න. වාහනේ කිසිම වරදක් නැත්නම් සුපුරුදු විදිහට ටයර් ටික චෙක් කරලා බලන්න.
– (Dasun Tharanga/Facebook) –

Friday, May 20, 2016

ටේප් පටි ඇලවූ බෙලාගේ පියයුරු

දහනව හැවිරිදි බෙලා හඩීඩ් නැගී එන සුපිරි නිරූපිකාවක්.

මෑතකදී පැවති ඩිස්කෝ විලාසිතා ප්‍රදර්ශනය කළ විලාසිතා ප්‍රදර්ශනයකට ඈ හැඳි ඇඳුම කාගෙත් කතාබහට ලක් වුනා.

රිදී පාට උඩ ඇඳුමෙන් ඇගේ පපුවෙ පදාසයකුත් බුරිය දක්වාම ඇගේ බඩත් නිරාවරණය වී තිබුණා. ඇගේ ඇඳුමේ යට කොටස වගේම පාවහන් ද රිදී පාටින් යුක්ත වුණා.

නමුත් මෙහිදී සිදුවූ එකම අඩුපාඩුව වුණේ බෙලාගේ පියයුරුවල අලවා තිබූ ටේප් පටි පිටතට දිස් වීමයි. තනපට ඇඳ නොසිටි ඇගේ ඇඳුම එහා මෙහා වීමෙන් සිය දෙතන ඕනාවට වඩා නිරාවරණය වීම වැළැක්වීමට ඈ එම ටේප්වලින් ඇඳුම අලවාගෙන තිබුණා.