Wednesday, December 30, 2015

යහපාලනයෙන් අලුත් වැඩක්: High Speed Broadband Internet කපන්න යයි!

මෙරට තුළ අධිවේගී අන්තර්ජාල සබඳතා නවතා දැමීමට යන බව වාර්තා වේ.

මෙයට හේතු වී ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන NBI (National Broadband Initiative) නමැති සේවාව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) තීරණය කිරීම යි.

අඩු මිල ගණන් යටතේ අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට මෙරට ජනතාවට මෙම සේවාව තුළින් හැකියාව සැලසුනි. මෙම ක්‍රමය නිසා ලංකාව ලෝකයෙන්ම හොඳම අන්තර්ජාල සේවා සපයන රටවල් 50 අතරට එක් වී තිබේ.

නමුත් පසුගිය රජය පැවති සමයේ දී ආරම්භ කළ මෙම NBI සේවාව අත්හිටුවීමට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Tuesday, December 29, 2015

නිරුවතින් පාරේ යන්න ඉඩ දෙන්න බෑ, මෛත්‍රී කියයි

දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (29) බත්තරමුල්ල ‘අපේගම‘ දී පැවති ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ය.

‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘ යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Monday, December 28, 2015

බ්‍රා නැතිව නටපු නංගි

ළඟදි දිනෙක ප්‍රසිද්ධ බටහිර ගායක එන්රික් ඉග්ලේසියාස්ගේ ප්‍රසංගයක් කොළඹ නගරයේ පැවැත්වුණා. මේ සඳහා විශාල මුදලක් ගෙවා විශාල පිරිසක් එක් රොක් වුණා. මේ අතර නංගිලා දෙන්නෙකුගේ වික්‍රම ගැන විශාල කතාබහක් ඇති වුණා.

මින් එක් තරුණියක්, වේදිකාවට නැග​, සුපිරි ගායකයාට හාද්දක් දුන්නා. වඩාත් නිවැරදිව කිව්වොත් හාද්දක් ගත්තා. ඉතින් අපේ සංස්කෘතික පොලිසිය වගේ හැසිරෙන ඇතැම් කට්ටිය මේ ගෑණු ළමයාගෙ පලු අරින්න පටන් ගත්තා.

ඒත් ඉතාම ඉක්මණින් මේ ගෑණු ළමයා අමතක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරුණා. එයින් පෙණුනේ, යම් කිසි කෙනෙක් වේදිකාවට බ්‍රෙසියරයක් විසි කරන ආකාරයයි. ගායක ඉග්ලේසියාස් ඒ බ්‍රා එක තනි අතින් අල්ලාගත්තා.

මේ සිද්ධියට පස්සෙ ඒ නංගිගේ බ්‍රා විසිකිරීම ගැන බොහොමයක් දෙනා කතා කළ අතර අන්තිමට ජනාධිපතිවරයාත් ඒ ගැන කතා කරමින්, එවැනි සංගීත ප්‍රසංගයක් පැවැත්වීම ගැන දරුණු ලෙස පහර දුන්නා.

මේ ගෑණු ළමයාගෙ බ්‍රා එක නිසා රටට හානියක් වුනේ කොහොමද කියන එක මේ ගැන ඒ කෙල්ලව පතුරු ගහන අය පැහැදිලි කරන්න ඕන​.

බ්‍රා එක විසි කරපු නංගි ඇත්තටම ඇඳගෙන හිටපු බ්‍රා එක විසි කළාද නැත්නම් බෑග් එකේ බ්‍රා එකක් දාගෙන ආවද කියලත් හොයල බලන්න ඕනි.

ඒ නංගි ඇඳගෙන හිටපු බ්‍රා එක විසි කළා නම්, ඊළඟට ඇතිවෙන ප්‍රශ්නය තමයි, බ්‍රා එකක් නැතිව ප්‍රසංගයේ නැටුවෙ කොහොමද කියන එක​.අහල පහල හිටපු අයට මොනවා පෙනෙන්න ඇද්ද​? මොනවා හිතෙන්න ඇද්ද​?

ඊළඟ ප්‍රශ්නය​... මේ නංගිට බැනපු අය​, මේ නංගිව හරි වෙන නංගි කෙනෙක්ව හරි බ්‍රා එකක් නැතිව ඉන්නව දැක්කොත් සංස්කෘතිය ගැන බණ කියාවිද​? නැත්නම් කන්න වගේ බලන් ඉඳීවිද​?

ISIS සංවිධානයට ලංකාවෙන් 45 දෙනෙක්

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු ISIS සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇති බව දිවයින පුවත්පත පවසනවා.

මෙරට ISIS ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි එම පුවත්පත ප්‍රකාශ කරන්නේ.
ISIS සංවිධානය 2020 දී පාලනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශ​. මෙයට ලංකාවත් අයත්

ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙනවා.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.

ලංකාවේ පළමු ISIS සටන්කාමියා ලෙස සලකන ලද තැනැත්තා සිරියාවට ගියේ සිය පවුලේ සාමාජිකයන් ඇතුලු 16 දෙනකු සමඟ බව ISIS සංවිධානය විසින් මෑතකදී ප්‍රකාශ කරනු ලැබුණා.

Sunday, December 27, 2015

සංස්කෘතිය සහ බ්‍රෙසියරය​

මෛත්‍රීපාල​ ජනාධිපතිතුමා ඉඳ හිට පිස්සු කෙලින්නට පටන් ගත්තේ ජනාධිපති වූ අලුතමය​. එක එක කාළයට ඔහුට එක එක දේවල් මතක් වන්නේය​. මෑතකදී ඔහුට ආපහු රටේ සංස්කෘතිය මතක් වී ඇත්තේය​.

මෑතකදී කොළඹ සංගීත සංදර්ශනයක් සඳහා ලෝ ප්‍රකට ගායක එන්රික් ඉග්ලේසියාස් පැමිණියා​. මෙම ප්‍රසංගයේදී කිසියම් තරුණියක් ඔහු දෙසට බ්‍රෙසියරයක් විසි කරන ලද අතර​, ඔහු ගුවනේ ඉගිලෙන එම ඇඳුම අල්ලාගන්නට සමත් වුනා​.

එතැන් පටන් ලංකාවේ සමාජ මාධ්‍යවල බොහෝ සේ කතාබහට ලක් වූයේ එන්රික් දෙසට විසි කෙරුන තනපටය සහ එයින් පෙනෙන සංස්කෘතික සෝදාපාලුව ගැනය​.

රටේ සංස්කෘතියට වින කරන බාර් වහනවා කියාපු, එක බාර් එකක්වත් නොවහපු, පණ නැති ජනපති, දැන් සංස්කෘතිය ගැන කතා කරයි. ඔහුට අනුව​, කෙල්ලක තනපටේ විසිකිරීම වැරදිය​. නමුත්, ගමේ මිනිස්සු කටගොන්නක් බීගෙන ගොස් ගෙදර ගෑණිට තඩි බෑම සංස්කෘතික අංගයකි.

අනේ අපේ සංස්කෘතිය​!

Friday, December 4, 2015

ගැහැණු ළමයකුට පහර දුන් මොහුට ප්‍රසිද්ධියේ දඬුවම් කරනු!

අද ලංකාවේ සමාජයට පොඩ්ඩක් හෝ සතුටු විය හැකි දවසක්. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව අද මානව හිමිකම් කොමිසමෙන් තීන් දුවක් ලබා දුන්නා.

මේ අනුව​, ඔක්තෝබර 29 වනදා සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් එම සිසුනගේ මානව අයිතීන් උල්ලංඝනය වූ බව පිළිගනු ලැබුණා. පොලිසිය වරදකරු බවත්, වරද කළ නිලධාරීනට එරෙහි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් නිර්දේශ කෙරුණා.

නීතිය ක්‍රියාත්මක වෙලා පමණක් පලක් නැහැ. ඒ බව පෙනෙන්න අවශ්‍යයි. මේ සිදු වීමෙදි පොලිසිය මුලින් කිව්වෙ පහරදීමක් කෙරුණේ නැති බව. නමුත් දැන් එම කතාවල අසත්‍යභාවය එළි වෙලා ඉවරයි.

දැන්වත් පොලිසිය අවංක විය යුතුයි. මේ ගැහැණු ළමයාට පහර දුන් තැනැත්තා ඇතුලුව​, පොලු අතින් ගත්තාම පොරවල් වෙන බොරු පොලිස්කාරයින්ට දඬුවම් පමුණවා ඒ බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ යුතුයි.

ඒ වගේම මෙසේ පහර දෙන්නට අණ කළ උසස් පොලිස් නිලධාරීන්ට ද දඬුවම් කළ යුතුයි.

සටන ඉවර නැහැ. සටන පටන් ගත්තා පමණයි.

Thursday, December 3, 2015

දොස්තරලාට අපේ හද පිරි උත්තමාචාරය​

දොස්තරවරුන්ට බය වී රජය වාහන පර්මිට් දෙන්න ආපහු පොරොන්දු වුණා.

රටේ සල්ලිවලින් ඉගෙනගෙන​, රටේ මිනිස්සුන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරමින් සල්ලි ගරන දොස්තරලාට වාහන ලබා දී ස්තූති කරන්න තරමට කොන්ද පණ නැති වූ රජයට අපේ ප්‍රණාමය​.

එමෙන්ම​, ලෙඩ්ඩුන් ගේ ජීවිතවලට වඩා තමන් ගේ වාහනේ ලොකු වූ දොස්තරලාට අපේ හද පිරි උත්තමාචාරය​

Saturday, November 28, 2015

2015 වසරේ බ්‍රසීලයේ හොඳම පස්ස

බ්‍රසීලයේ මෙම වසරේ හොඳම පස්ස තේරීම සඳහා වන Miss BumBum 2015 තරඟය මෑතකදී එරටදී පවත්වනු ලැබුණා.

මෙම තරඟය මෙවර පවත්වන ලද්දේ පස් වන වතාවටයි. ඒ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේදි. මෙහිදී මූලික වටයට රට පුරා විවිධ ප්‍රදේශවලින් තරුණියන් 500 ක් සහභාගී වූ අතර අවසන් වටය සඳහා එක් ප්‍රාන්තයකින් එක් තරුණියක බැගින් දහසය දෙනෙක් සහභාගී වී සිටියා.

කොහොමටත් විශාල වූ තට්ටම් තවත් කැපී පෙනෙන පරිදි සිහින් තොංග් පෑන්ටි ඇඳ​, අඩි උස සපත්තු දමාගෙන මේ දහසය දෙනා තරඟයට සහභාගී වුනා. සමහර තරුණියන් තම පස්ස පැත්තට වැඩි ආකර්ශණ​යක් ලබාගන්නට ඒවායේ රන්වන් දිලිසෙන කුඩු තවරාගෙන සිටිනු දකින්න ලැබුණා.

මෙවර බ්‍රසීලයේ හොඳම නිතඹ ඇති තරුණිය ලෙස සම්මාන ලැබුවේ එරට අගනුවර වන බ්‍රසීලියා නගරයද අයත් ෆෙඩරල් දිස්ත්‍රික්කයෙන් පැමිණි සුසී කෝර්ටේස්. ඈ සිය ජයග්‍රහණය ගැන වගේම තම පස්ස ගැනත් බොහොම උද්දාමයෙන් කතා කළා.

"මම මාස හතරක් මේකට මහන්සි වුනා. මම ව්‍යායාම කළා, ආහාර පාලනය කළා," සුසී කෝර්ටේස් සඳහන් කළා.

Wednesday, November 25, 2015

තරුණියන් පස් දෙනෙක් නිරුවත් කර ගස් බැඳලා (18+)

කාන්තාවන්ට තියෙන්න ඕන ආදරය​, කරුණාව​, පැත්තක තබා ඔවුන් ලජ්ජාවට පත් කළ කතාවක් ළඟදි ආරංචි වුණා. ඒ අප්‍රිකාවේ බෙනින් කියන රටේ සිදුවූ බව කියන සිදු වීමක්.

එක්තරා හමුදා නිලධාරියකුගේ බිරිඳකට අයිති බාර් එකක් තිබුණා. මෙහි මුදල් සොරකමක් වුනා. මේ ගැන එහි කළමණාකරු සහ එහි වැඩකරපු සේවිකාවන් පස් දෙනකු ගැන හමුදා නිලධාරියා සැක කළා.

ඉතින් ඔහු ඇවිත් මේ අයට දඬුවම් කළා.

කළමණාකරු ඇත්තෙන්ම සේවිකාවන්ට වඩා වාසනාවන්තයි. ඔහුව දණගස්වනු ලැබූ අතර ඔහුට පහර දුන්නාදැයි පැහැදිලි නැහැ.

නමුත් අර කෙල්ලන් පස් දෙනා නිරුවත් කර ගස් බඳිනු ලැබුණා.

වෙනත් අවස්ථාවක දුටුවා නම් ඇත්තෙන්ම හිත ඇදී යන විදියේ ශරීරයන් මේ කෙල්ලන් සතුයි. ඒ අයගේ මනාව සකස් වුන පිරුණ පියයුරු සහ වටකුරු තට්ටම් එයට කදිම සාධකයක්. නමුත් මේ අවස්ථාවේ භීතිය සහ ලජ්ජාවෙන් පීඩාවට පත්ව සිටින ඔවුන් කෙරේ ඇතිවන්නේ අනුකම්පාවක්. ඒ වගේම කෙල්ලන් පස් දෙනකු මෙසේ ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කිරීමට තරම් නිර්භීත වූ හමුදා නිලධාරියා කෙරෙහි නීතිය ක්‍රියා නොකරන බව පැහැදිලියි. මීට වැඩි දෙයක් වුනත් ඇතැම්විට ඔහුට විරුද්ධව මුකුත් වෙන එකක් නැහැ.

Sunday, November 22, 2015

සනී ලියෝන් ලංකාවට ආවම ආතල් එක කාටද​?

මේ කෙනෙකුට විවාද කරන්න පුලුවන් ප්‍රශ්නයක්. ඉන්දියානු-කැනේඩියානු නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් ලංකාවට එන්න නියමිත බව ළඟදි වාර්තා වුනා. මේකට විරුද්ධ අය කියන්නෙ සනී කැසිනෝ දියුණු කරන්න ලංකාවට එනවා කියලා.

සමහරු කම්පියුටර් එකෙන් හරි ෆිල්ම් එකක හරි දැකපු සනී ලංකාවට එනවා කියලා පොඩි ආතල් එකකුත් ගත්තා ඒ අස්සෙම​.

සනී ලංකාවට ආවම කැසිනෝ, ක්ලබ් එහෙම අමුතුවෙන් දියුණු වෙනවද​? සනී ආවම අපට ආතල් ද​?

සනී එන්නෙ කොළඹ ප්‍රධාන ක්ලබ් එකක තියෙන ප්‍රසංගයකට​. සාමාන්‍ය මනුස්සයින්ට බලන්න යන්න පුලුවන් ගාණට නෙවෙයි ඒවයෙ ටිකට් තියෙන්නෙ. ඒ වගේම ඒවයෙ ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ට ඉන්නත් බැහැ. ඒ ක්ලබ් හැදිල තියෙන්නෙ සුපිරි පැලැන්තියට​. ඒ නිසා අමුතුවෙන් ක්ලබ් ජනප්‍රිය වෙන්නෙවත්, කැසිනෝ ජනප්‍රිය වෙන්නෙවත් නැහැ. කොහොමත් ඒවා පාවිච්චි කරන අයට තමයි සනී බලන්න යන්න වෙන්නෙ.

ඒ නිසා සනී ලියෝන් ඒ ක්ලබ් එකට ඇවිත් හෙලුවැල්ලෙන් නැටුවත් සාමාන්‍ය අයට ආතල් එකක් වෙන්නෙ නෑ. අමුතුවෙන් ක්ලබ් ජනප්‍රිය වෙන්නෙත් නෑ.

ඔන්න සනී සුගතදාස එකේ හරි, වෙන තැනක හරි ප්‍රසිද්ධ ප්‍රසංගයකට ආවා නම් ඒක වෙනම කතාවක්. නමුත් එහෙම නෙවෙයි වෙන්නෙ.

සනී ලියෝන් කියන්නෙ සාමාන්‍ය වෙළෙඳපොලේ අලෙවිවන භාණ්ඩයක් නෙවෙයි.

Sunday, November 15, 2015

පැරිසියට ගහද්දි අපිට දැනුනෙ ඇයි?

පැරිසියට ගහද්දි අපට දැනුනෙ, ඒ යුරෝපයේ විශාලම නගරයක් වගේම ලෝකයේ සංස්කෘතික අගනුවර කියල කියන නගරය නිසා. එතකොට ලෝක ජනමාධ්‍ය ඔක්කොම එතනට රොක් වෙලා විනාඩියෙන් විනාඩිය ඒ නිව්ස් එක දීපු නිසා.

ඔය වගේම තමයි ටයිටැනික් නැව​. ඒකෙදි වැඩිපුරම නැති වුනේ සල්ලි තියෙන පෝසත් අය​. ඒ නිසා ඒ නැව ජනප්‍රිය වුනා. ජනප්‍රිය කළා. ඊට වඩා මිනිස්සු නැති වෙන අනතුරු ඕන තරම් වෙලා තියෙනවා මුහුදෙ සහ ගංගාවල​. බංගලිදේශයෙ, ඉන්දුනීසියාවෙ, පිලිපීනෙ, කොංගෝවෙ එහෙම​. නමුත් ඒ දුප්පත් මිනිස්සු ගැන කතා කිරීම මාධ්‍යවලට විකුණන්න බෑ.

ඒ වගේම කෙන්යාවෙ විශ්වවිද්‍යාලයකට ඉස්ලාමීය සටන්කාමීන් ගහල 147 ක් මැරුණ එකට වඩා ලොකු ප්‍රචාරයක් පැරිසියට ලැබෙන්නෙත් ඒකයි.

සැපතේදි විතරක් නොව විපතේදි පවා ලෝකය වැඩිපුර කතා කරන්නෙ පොහොසත් රටවල්, පොහොසත් මිනිස්සු ගැන​.

Friday, November 13, 2015

රුවංගි ඊළඟ ඇඳුමෙන් පෙන්නන්නෙ බුරියද​?

රුවංගි රත්නායක නම් නිළිය පසුගිය කාළයේ බොහොම කතාබහට ලක් වුනේ එක්තරා උත්සවයකට ඇඳපු තන් දෙක බාගෙට පෙනෙන ඇඳුමක් නිසා. එවෙලෙ අපි කිව්වා රුවංගි හදන්නෙ මාර්කට් එකක් හදාගන්න​, නමක් හදාගන්න කියලා.

පස්සෙ කාළෙක රුවංගි කට්ටියට බැනලා තිබ්බා එයාගෙ ඇඳුමට වැරදි කිව්වෙ නොදන්නාකමට කියලා.

ඇත්තටම ගොඩක් අය තේරුම් ගත්තෙ නෑ එයාට ඕන ප්‍රසිද්ධ වෙන්න විතරයි කියන එක​. අපේ අයගෙ අසහනේ හැටියට පොඩ්ඩක් තන් දෙක පෙන්නුවාම තියෙන රඟේ බලාගන්න පුලුවන් වුනේ එදා.

ඊට පස්සෙ රුවංගි ඒ රඟපෑම ඊළඟ අදියරට ගෙනිච්චෙ එයාගෙ උපන් දිනේ දවසෙ ඇඳපු ඇඳුමෙන්. මේකෙ තන් දෙකට පහලින් කෑල්ලක් කපලා දාලා. මේකත් පිටරට වෙබ් සයිට් එකක ඩිසයින් එකක් ද දන්නෙ නෑ ඉතින්.

දැන් රුවංගි තව තව ඇඳුම් ඩිසයින් හොයාගෙන ඒවි. ඊළඟට බඩ මැදින් කපලා බුරිය පෙනෙන්න ඇඳුමක් ඇඳන් ඒවි කියලයි හිතෙන්නෙ. පිළිවෙලට ගියොත්, මුලින් තන් දෙක පෙන්නලා, ඊට පස්සෙ ඊට පහළින් පපුව පෙන්නුව නිසා, දැන් තියෙන්නෙ බඩ පෙන්වන්න තමයි.

එතකොට ඊට පස්සෙ?

Tuesday, November 10, 2015

බුරිය පෙන්නන්න එපා! සියලු ගැහැණුන්ට මුස්ලිම් ලෝගු අන්ඳවමු!

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය ලබන ජනවාරි පළමුවැනිදා ඉඳන් ක්‍රියාවට නැගෙන අලුත් නීතියක් ගෙනෙන්න යනවා. ඒ අනුව ඉස්කෝලවල ගුරුවරියන් සහ නැටුම් ඉගෙන ගන්නා ගැහැණු ළමයින් බුරිය පෙනෙන්න අඳින එක තහනම් කරනවා ලු.

ඇත්තෙන්ම මේ ඉතා හොඳ නීතියක්. පිරිමි ළමයිනුත් ඉන්න පාසැලක නම් ගුරුවරියන් අශෝභන විදියට අඳින එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට බුරිය පෙනෙන්න අඳින එක හොඳ දෙයක් නෙවෙයි කියල කියන්න පුලුවන්.

ප්‍රශ්නය තියෙන්නෙ ඒක නෙවෙයි. පිරිමි ආස ගෑණුන් ගෙ බුරියට විතරද​? නෑ නෙ. සමහරු තොල්වලට ආසයි, සමහරු ඇස්වලට​, නැත්නම් හැට්ටය ඇන්ඳහම ලස්සනට පෙනෙන තන් දෙක​. හැඩකාර කෙනෙක් නම්, සාරිය ඇඳපුවාම පස්ස ලස්සනට නොපෙනේද​? ඒ දිහා පිරිමි ගුරුවරු පවා නොබලාවිද​?

ඒ වගේම සමහරු ලස්සන අතපය දිහා බලන්න ආසයි. සමහර ටීචර්ලා අත් නැති හැට්ට, අත් කොට හැට්ට ඇඳපුවාම බලන්න පුලුවනි ඒක​.

බුරිය නොපෙනෙන්න අඳින එක හොඳයි. නමුත් එතනින් නතර වෙලා බැහැ. ඔක්කොම ගුරුවරියන්ට ඇඟම වහන මුස්ලිම් ලෝගුව අන්ඳවන්න​. අන්න එදාට වැඩේ සම්පූර්ණ වේවි.

Sunday, November 8, 2015

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලනය

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලනය විවිධාකාර යි​. විශ්ව විද්‍යාලයේ ඉන්නා කාළයේ පටන් උන්වහන්සේ දේශපාලනයට සම්බන්ධ වුනා. මුල්ම කාලෙ වමේ දේශපාලනයත් එක්ක උන්වහන්සේ කටයුතු කළා.

එක්තරා කාළයක උන්වහන්සේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ගෙ ප්‍රබල ආධාරකරුවකු වුනා. පසුව 1994 දි චන්ද්‍රිකා ජනාධිපති කරන්න සටනට දායක වුනා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාදිපති වී සිටින අන්තිම කාළයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩ නඟා, එමඟින් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටනට ලොකු නායකත්වයක් උන්වහන්සේ දුන්නා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කිරීම වෙනුවට පොදු අපේක්ෂකයකු කියන සංකල්පය ජනතාව අතරෙ යවන්න උන්වහන්සේ දායක වුනා.

මේ නිසාම රාජපක්ෂ පාක්ෂික සමහරුන් උන්වහන්සේව දැක්කෙ දේශද්‍රෝහියකු විදියට​. උන්වහන්සේ නොහිටින්න ඇතැම්විට රනිල් වික්‍රමසිංහ තරඟ කරලා ඒ නිසාම මහින් ද රාජපක්ෂ ආපහු දිනන්න තිබ්බා.

නමුත් සෝභිත හාමුදුරුවන් සටන් කරපු සාධාරණ සමාජය තව බොහෝ ඈතයි. ළඟදි ආපු ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය ඒ බවට එක සාක්කියක් පමණයි. උන්වහන්සේ හිටියා නම් ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය ගැන ආණ්ඩුවට පහර ගහනවා සිකුරුයි.

Thursday, October 29, 2015

පොල්ලක් අතගත් පොලිස් පොන්*යා දුටිමි!

සමහර මිනිසුන් මොකක් හෝ ආයුධයක්, නිල ඇඳුමක් අතට ගත්තම මහා වීරයො වෙනවා. ඕනම පුස් ගොබ්බයෙක්ට​, ඕනම පිරිමිකමක් නැති පොන්නයකුට මේක කරන්න පුලුවනි.

විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න ළමයින්ට පහර ගහන සමහරුත් ඒ වගේ. මේ පින්තූරයෙ ඉන්න මිනිහත් ඒ වගේ.

පාරෙ පෙළපාලි ගිය කොල්ලො කෙල්ලොන්ට වතුර ගහලා, ඊට පස්සෙ කඳුලු ගෑස් ගහලා, ඒ දෙකෙන්ම මට්ටු නොවුණාම පොලු අරන් පැනලා නෙලාගෙන නෙලාගෙන යන්න තරම් වීරයො ලංකාවෙ පොලිසියෙ ඉන්නෙ.

මේ අයගෙ නියම වීරකම පෙනෙන්නෙ කෙල්ලෙක් ඉදිරිපිට​. නිරායුධ ගෑණු ළමයෙක් කියලා අපට පෙනුණත්, මෙයාලට එයාලා පෙනෙන්නෙ ඕන නැති මගුල්වලට හොට දාන වැඩක් නැති මෝඩියො විදියට​. එහෙම නැත්නම් වේසියො විදියට​. පුරුෂයා කියලා මුන් හිතාගෙන ඉන්න උන් ගෑණුන්ට වඩා උතුම් නිසා, ගෑණුන් හදාගන්න ඕන නිසා, කරන්න තියෙන හොඳම දේ තමයි පොලු පාර දෙන එක කියලා... මේ පොන්නයා තමාගෙ පොන්නකම පෙන්නා කෙල්ලට ඇදල නෙලනවා.

හැබැයි මාධ්‍ය ප්‍රකාශක උන්නැහේ කියන්නෙ පොලිසිය අමානුෂිකව පහර දෙන්නෙ නෑ කියල​.

ඒ කියන්නෙ මේ මානුෂික පහරදීමක් වෙන්න ඇති.

Wednesday, October 28, 2015

රුවංගිට අලුත් ෆැෂන් (ඉංග්‍රීසි වෙබ් සයිට්වලින්)

රුවංගි රත්නායක මෑතකදි තිබුණ උත්සවයකට ඇඳගෙන ගිය ඇඳුම පිළිබඳ හුඟක් අය කතා වුනා. අපිත් කතා වුනා. අපි කතා කළේ බාගෙට පෙනන තන් දෙකක් වටේ බොහෝ දෙනා කැරකුණ එක ගැන​. මේ අතරෙ, පහුගිය දිනයක රුවංගි මනරම් කතාවක් කියා තිබ්බා දෙතන බාගෙට පෙනෙන ඇඳුමක් ඇඳීම ගැන​.

"ඒ ඇඳුම් නිර්මාණය මම ඉංග්‍රීසි වෙබ්සයිට් එකකින් බලලයි තෝරගත්තේ. මගේ ඇදුම් මහන කෙනා තමයි මම කිව්ව විදියට ඒක මහලා දුන්නේ.
කරන්න දෙයක් නැති මිනිස්සු තමයි ඔහොම වැරදි හොයන්නේ. ෆේස්බුක් එකෙත් සමහරක් කමෙන්ට්වල කැත දේවල් දාලා තිබුණා. ඒ වුණාට මම ඒවා ගණන් ගත්තේ නෑ. මම ඇහුන්කන් දෙන්නේ මම පිළිගන්න මට ගරුත්වයක් දෙන ඇය කියන දේට විතරයි.

එහෙම නැතුව පහත් මානසිකත්වයක් තියෙන නූගත්. මෝඩ මිනිස්සු කියන කතා ගැන මම කරදර වෙන්නේ නැහැ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කිව්වා නම් හිතන්න තිබුණා."

ඇත්තෙන්ම මිනිස්සු මොනවා හිතනවාද දන්නෙ නැහැ මේ වැනි හරක් ප්‍රකාශ ගැන​. මේකෙන් පැහැදිලියි රුවංගිට ඕන කළේ තනේ පෙන්නා මාර්කට් වීම බව​.

ඉතින් අපි කල්පනා කළා ඉංග්‍රීසි වෙබ් සයිට් දෙක තුනක් බලලා, ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවො එහෙම උත්සවවලට යන ආකාරයෙ පින්තූර දෙක තුනක් එකතු කරන්න​.

මේ ඉන්නෙ ඇලෙසැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ. ළඟදි තිබ්බ සම්මාන උළෙලකට ගිය හැටි.

අපේ රුවංගිටත් එයාව කොපි කරන්න පුලුවනි ඕන නම්. හැබැයි යට ඇඳුම් මුකුත් අඳින්න බෑ මේ ඇඳුමෙ හැටියට නම්. බ්‍රා, පෑන්ටි මුකුත් බෑ.

එහෙම නැත්නම් කළකට පෙර ජෙනිෆර් ලෝපේස් ඇඳපු ඇඳුම වගේ එකකුත් නරක නෑ.

මිකයෙලා ශේෆර්ගෙන් ඇහුව නම් රුවංගිට හොඳ ඇඩ්වයිස් එකක් දෙයි.

නමුත් වැඩේ තියෙන්නෙ, මේ මිකායෙලාගෙ ටිකක් සංවර ඇඳුමක්. සමහර වෙලාවට එයා එන්නෙ හෙලුවෙන්ම වගේ.

ඒ මුකුත් ඕන නෑ රිහානා වගේ දුහුල් ඇඳුමකුයි ජංගියකුයි අඳින්නත් පුලුවන්, මේ වගේ.

තව ඕන තරම් තියෙනවා යෝජනා නම්, ඉංග්‍රීසි සයිට්වල තියෙන​, ප්‍රසිද්ධ නිළියන් අඳින මෝස්තර​. මෙව්ව ගත්තෙ ඉංග්‍රීසි වෙබ්සයිට්වලින් නිසා අපි නූගත් කියන එකක් නෑ නේද​?

ඔහොම කොපි කරන්න ගියොත් තව ටිකක් කල් යද්දි හොලිවුඩ් නිරූපිකාවො, නිළියො එහෙම කරනව කියල​, අපේ අයත් හෙලුවැල්ලෙන් වගේ උත්සවවලට එන්න බැරි නැහැ.

අපිට ඕව තේරෙන්නෙ නෑ. අපි නූගත් නෙ.

Wednesday, October 21, 2015

සාහිත්‍ය සම්මාන දිනූ චම්පිකගේ පොතේ පරිවර්තකයා කවුද​?

ආණ්ඩුව චම්පික රණවක සාහිත්‍යකාරයකු කළේය​. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ලොකුම විහිලුව බවට පත්වෙමින් චම්පිකගේ 'බලය සහ බලය​' නම් පොතට සාහිත්‍ය සම්මානයක් ලැබුණි. පොතේ ගත යුත්තක් තිබේ. ඒ ගැන ගැටලුවක් නැත​. නමුත් එයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම නම් ගැටලුවකි.

මේ පොත චම්පිකගේ පරණ කුමන්ත්‍රණයේ, ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව වැට්ටීමේ සැලැස්මේ එක කොටසකි. මේ පොත ආවේ ආණ්ඩුව වට්ටන අදහස පවතින කාළයක ය​. එමෙන්ම මින් පසු ලියූ 'ආලපාලු ආර්ථිකය​' පළකලේ ජනාධිපතිවරණ කාළයේය​.

ආලපාලු ආර්ථිකයට ඉංග්‍රීසි පොතක් ලියුවේ නැත​. නමුත් 'බලය සහ බලයට​' ඉංග්‍රීසි පොතක් ඇත​. එහි පරිවර්තකයා කවුදැයි පොතේ පෙරවදනේ පුංචියට ලියා තබන්නට චම්පික කාරුණික විය​. ඒ නිසා බොහෝ අය හිතන්නේ චම්පික ඉංග්‍රීසි පොතද ලියූ වගයි.

චම්පික ඉංග්‍රීසි දන්නා බව ඇත්තය​. නමුත් පොත් ලියන්න තරම් ඉංග්‍රීසියේ හසල දැනුමක් නැති බවද ඇත්තය​. ඒ බව නොහංඟා ඉංග්‍රීසි පොත පරිවර්තනය කළ කෙනාගේ නම ලියුවා නම් අගනේය​.

Tuesday, October 20, 2015

රුවංගිගේ තන් දෙක මාර්කට් වීම සහ මාර්කට් කිරීම (යුරේනිගේ ජංගියේ දෙවැනි කොටස​)

මේ දිනවල ෆේස්බුක් එකට සහ ගොසිප් සයිට්වලට අලුත්ම මාතෘකාවක් ඇවිත්. ඒ තමයි රුවංගි රත්නායකගේ ඇඳුම​. ජංගිය පෙන්වලා ජනප්‍රිය වුන යුරේනිගේ ජනප්‍රියත්වයත් පරදවන තරමට තන් දෙක පෙන්වලා රුවංගි ජනප්‍රිය වෙන්න යනවා වගේ පෙනෙනවා.

හැම ගැහැණු කෙනෙකුටම තන් දෙකක් තියෙනවා වගේ රුවංගිටත් තන් දෙකක් තියෙනවා. ඉතින් එහෙම නම් රුවංගිගෙ තන් දෙකේ පදාසයක් පෙනෙන්න ඇඳගෙන ගිය එක හැමෝටම රස කර කර කියවන්න සිද්ධියක් වුණේ ඇයි? මේ අය නිර්මාණය කරන ලෝකය මොකක්ද​?

යුරේනිගෙ සිද්ධියේ නම් ඈ ලේබල් එක ගලෝපු නැති ලෙගින්ස් ඇඳගෙන හිටපු නිසා ඒක වැරදීමෙන් වෙච්ච දෙයක් වෙන්නත් පුලුවන්. ලෙගින්ස් අස්සෙන් ලයිට් එළියට එයාගෙ පෑන්ටිය පෙනෙයි කියලා යුරේනි හිතන්න නැතුව ඇති. නමුත් තමන් ඇඳගෙන යන ඇඳුම ගැන රුවංගි නොදැන හිටියා නෙවෙයි නෙ. එහෙනම් රුවංගි එයාගෙ තනේ පෙන්නුවෙ ඒකෙන් එයාව මාර්කට් වෙන බව දැනගෙනයි.

ෆේස්බුක් එකේ සහ ගොසිප් සයිට්වල අය රුවංගිගෙ තනේ දැක්කෙ මාර්කට් කරන්න පුලුවන් වෙළෙඳ භාණ්ඩයක් විදියට​. "ආ! වරෙල්ලා! මෙන්න රුවංගි තනේ පෙන්නපු හැටි" කියලා කට්ටියක් කෑ මොර දෙනවා. අපි ඒක බලල ඒ ගැන කමෙන්ට් කරනවා. මීම්ස් හදනවා. එව්ව ආයෙ මාර්කට් වෙනවා. මේ විදියට අපි සේරම බාගෙට පෙනෙන තන් දෙකක් වටේ කැරකෙනවා. අන්තිමට තනේ පෙන්නලා රුවංගි ජනප්‍රිය වෙනවා. තනේ විකුණලා ගොසිප් සයිට් හිට්ස් වැඩිකරගෙන මාර්කට් වෙනවා.

ඇතැම්විට මිනිස්සු එක එක කතා කියාවි රුවංගි ගැන​. "නිළියො ඔක්කොම එකයි, ලැජ්ජ නැති උන්, ඕක තිබ්බ කියල පෙන්නන්න ඕනද​?" වගේ අහවි. යුරේනි ගැනත් මේ වගේම දේවල් කියැවුණා මතක ඇති. සමහර තැන්වල තිබුණෙ "අපි පුදුම වෙන්න ඕන යුරේනි ගේ ජංගිය පෙනීම ගැන නොව යුරේනි ජංගියක් ඇඳගෙන සිටීම ගැනයි" කියලත් තැනක දාල තිබුණා.

මේ වගේ දේවල් ගැන කතා හැදෙද්දි රුවංගිවත් මිනිස්සු ප්‍රශ්න කරාවි. සමහරවිට එයත් සමාව ගනීවි, යුරේනි කළා වගේ. "මගෙ අඟ පසඟ (දෙතන) ටිකක් වැඩිපුර පෙනුණා තමා. මම් හිතුවෙ නෑ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියල​" කියාවි. එච්චරයි. අන්තිමට අපට රුවංගිව කලක් යනකල් මතක තියේවි.

ඔන්න අපි ඔක්කොමල්ල එකතුවෙලා එක ගැහැණියකගෙ තන් දෙකක් මාර්කට් කළම වෙන දේ. ඕක නොදැනගන්න රුවංගි නම් බබෙක් නෙවෙයි. බබාලා වෙලා තියෙන්නෙ රුවංගිගෙ 'තනෙන් කිරි බොන' අනික් අය​.

යුරේනිගේ ජංගිය ගැනත් කියවමු මේ ලින්ක් එකෙන්

Wednesday, October 14, 2015

මේකත් කාන්තා හිංසනයක් නෙවෙයිද​? (18+)

ඔන්න එක්තරා රටක යාලුවො පිරිසක් හිටියා. මෙයින් එක් යාලුවෙක් ළඟදි කසාදයක් එහෙම බැඳලා, ඒ සතුටට තව දෙන්නෙකුට ගෙදර එන්න කීවලු පාටි එකකට​. ඉතින්, අලුත් මනමාලි පැත්තක ඉඳිද්දි මේ තුන් දෙනා බොනවලු එළියෙ පුටු ටිකක් තියාගෙන​.

ටික වෙලාවක් යද්දි කට්ටිය ටිකෙන් ටික වෙරිමතේ පිස්සු කියවන්න ගන්නවා. ඉතින් අර අලුත් මනමාලිට තරහේ බැහැ. මේ යාලුවො දෙන්නෙකුත් ගෙන්නගෙන මේ මිනිහ නටන නාඩගම කියල කෙල්ල තරහෙන් පුපුරමින් හිතුවා.

බැරිම තැන කෙල්ල එළියට ඇවිත් කෑගහන්න ගත්තා කට්ටියට​. "දැන් ඇති නේද? සද්දෙත් වැඩියි හොඳටම​. මොනවා කියෝනවද දන්නෙ නෑ!" මෙයා බනින්න ගත්තා.
"මොකෝ දන්නෙ නැත්තෙ? අපිට වෙරි නෑ," කෙල්ලගෙ මිනිහා කිව්වා.

කෙල්ලට හොඳටම තරහයි. කෙල්ල යාලුවො දිහාට හැරිලා, "බොනවා කිව්වොත් යාලුවොත් මෙතන​. මම බඳින්න කලිනුත් හැදුවා මේකා හදාගන්න​. කෝ, ඔයාලා ඉඩ දුන්න ද​?" කියලා බැන්නා.
එක යාලුවෙක් ෆෝන් එක අරන් ඔබ ඔබ හිටියා බැනුම් අහන්න බැරිවට​. අනික් එක්කෙනා කෙල්ලට දොස් කියන්න ගත්තා.
"අපි වරදක් කළා ද​? සන්තෝසෙට පොඩ්ඩක් බිව්වම මොකක් වෙනවද​?"
"සන්තෝසෙ? මට මගෙ මිනිහ හදාගන්න නොදෙන එකද සන්තෝසෙ?" කෙල්ල බැන්නා.
ඒකට කෙල්ලගෙ මිනිහට තරහ ගිහින් කෙල්ලට කම්මුලට ගැහුවා. යාලුවත් මිනිහට උල් පන්දම් දෙමින්, "හොඳ වැඩේ!" කියා බැන්නා.
කෙල්ලට තරහ ගිහින් එකට එක කියාගෙන එන්න ගත්තා. ඒකෙන් වුනේ මිනිහාගෙ තරහත් ඇවිස්සෙන එක​.

හු තැනින් නැගී සිටි ඔහු ඇයව ඇදගෙන ගෙතුලට ගියේ හොඳින් දෙහි කපන අදහසින්. ඒ වෙනකොටත් ඔහුට ටිකක් වැදිල හිටියෙ. නිදන කාමරයට තම බිරිඳ අතින් ඇදගෙන ගිය ඔහු මුලින්ම කළේ කම්මුල් පාරක් දෙන එක​.
"මෝඩි. ඔහොමද යාලුවන්ට කතා කරන්නෙ?" ඔහු බැන්නා.
කෙල්ලත් එකටෙක් කියාගෙන ආවා. මිනිහට තරහ ගිහින් ආපහු ගහන්න හදද්දි කෙල්ල අත උස්සල පහර වැළැක්වුවා. ඒකෙන් තවත් තරහ ගිය මිනිහා කෙල්ල එක්ක පොරබදන්න වුනා.
ටිකකින් කෙල්ල ඇඳන් හිටි බ්ලවුස් එකේ බොත්තම් කීපයක් ගලෝගෙන ඒක ඉරුණා. ඈ එකවරම අත් දෙකෙන් පපුව වහගත්තා.
"මොකෝ ලැජ්ජද​?" මිනිහා එහෙම අහල කෙල්ලව තල්ලු කළා. හොඳ වෙලාවට කෙල්ල වැටුණෙ ඇඳ උඩට. නමුත් මිනිහා එක වරම පැනලා තවත් පාරක් ගැහුවා. කෙල්ල ඒකෙන් ආරක්‍සා වෙන්න හදද්දි මිනිහා ඇගේ බ්‍රෙසියර් එකෙන් අල්ලා ඇද්දා. බ්‍රෙසියරය ඉරිල ගියේ කෙල්ලගෙ දෙතන නිර්වස්ත්‍ර කරමින්.
මිනිහගේ තරහ තවම නිවිල තිබුණෙ නැහැ. මිනිහා කෙල්ලගෙ සාය උස්සා පෑන්ටිය වේගයෙන් පහළට ඇද්දා. කෙල්ලගෙ දැඟලිල්ලෙන් ඇයට බේරුමක් වුනේ නැහැ. පෑන්ටිය කකුල් දෙකෙන් ගලෝලා පැත්තකට විසි කරපු මිනිහා ඊළඟ පියවරට ගියා.

මිනිහා කෙල්ලව දූෂණය කළා.

ඒ වෙනකොට යාලුවො දෙන්නා එතනට ඇවිත්. තමුන්ගෙ යාලුවා තම කසාද ගෑණිට ගහලා ඇයව දූෂණය කරනවා ඔවුන් බලා හිටියා විතරක් නෙවෙයි. එක්කෙනෙක් මේක ෆෝන් එකේ රෙකෝර්ඩ් කළා. ඒ වගේම කෙල්ලගෙ ජංගිය ගලවා විසිකරපු වෙලාවෙ අනිකා ඇවිත් ඒක තමන් ගෙ සාක්කුවට දාගත්තා.

තමන් කළ වැඩේ ඉවර කරපු ස්වාමියා භාර්යාවගෙ ඇඟ උඩින් අයින් වුණා. කෙල්ල හොඳටම හෙම් බත් වෙලා වැටිල හිටියෙ. පළල් වෙච්ච දෙපා අතරින් පෙනෙන්න ඕන ඔක්කොම යාලුවන්ට හොඳින් පෙනුනා.

තවමත් තරහෙන් හිටපු මිනිහා යාලුවො දෙන්නට මුකුත් කිව්වෙ නැහැ. එක් යාලුවෙක් ඇඳට නැගලා කෙල්ලව දූෂණය කරද්දිත් මිනිහා මුකුත් කිව්වේ නැහැ.

දෙවනියා තමුන්ගෙ වැඩේ ඉවර කළාම​, තම ෆෝන් එක පැත්තකින් තියාපු තුන් වැනියත් කෙල්ල දූෂණය කළා.

තුන්වෙනියා ඇගේ ඇඟෙන් නැගිටලා ගියාට පස්සෙ කෙල්ල අනෙක් පැත්ත හැරිල කොට්ටයක් බදාගෙන අඬන්නට ගත්තා. එයාගෙ සාය ඉස්සිලා තට්ටම් පෙනෙන බව ඇයට මතක් වුනේ නැහැ.

කෙල්ලගෙ මිනිහා ඇගේ තට්ටමකට වේගෙන් පහරක් ගහල​, "දැන් හරිනෙ? ඕකනෙ කරගන්න ඕන කළේ?" කියල ඇහුවා. කෙල්ල කළේ හොඳටම අඬපු එක​.

යාලුවො දෙන්නත් එළියට යන්න කලින් විනෝදයට වගේ කෙල්ලගෙ පස්ස පැත්තට පාරවල් කීපයක් ගහන්න අමතක කළේ නැහැ. කෙල්ල තමුන්ට ගහන කෙනා දැක්කෙ නැහැ. ඈ හිතුවෙ ඇගේ ස්වාමියා ඇයට ගහනව කියලා.

යාලුවො පිටවෙලා ගිහින් ටික වෙලාවකට පස්සෙ ගෙදර මනුස්සයා ආපහු නිදන කාමරේට එනවා. ඒ වෙද්දි කෙල්ලට නින් ද ගිහින්. මනුස්සයත් එතනම ඇල වෙනවා. රෑ බෝ වෙලා මිනිහා නැගිට්ටම දකිනවා කෙල්ල ආපහු අඬනවා.

ඒ වෙද්දි මිනිහට වෙරි හිඳිල පියවි සිහිය එන ගමන්.
මිනිහට මතක් වෙනව වෙච්ච දේ. ඇයි තමුන් එහෙම කළේ කියා හිතෙනවා.

එයින් පස්සෙ මිනිහා බිරිඳගෙන් සමාව ඉල්ලනවා. බැගෑපත් වෙනවා. ආයෙත් එහෙම දෙයක් නොවෙන බවට දිවුරනවා. කෙල්ල මෝඩ නිසා සහ ආදරේ නිසා අන්තිමට සමාව දෙන්න එකඟ වෙනවා.

කලකට පස්සෙ මේ වීඩියෝ එක අන්තර්ජාලයට ලීක් වෙනවා. ඊට පස්සෙ මෙයාල ගැන පොලිසිය හොයනවා. නමුත් මේ අය පොලිසියට එනවා. මේ වෙද්දි කෙල්ල බඩදරු අම්මෙක්.

පොලිසියෙදි මේ අය කියන්නෙ මේ අය රඟපාපු බවත්, හිංසාවක් වුනේ නැති බවත්. මේ වීඩියෝ එක කොහොම පිටවුනාද කියා නොදන්නා බවත්. මෙතෙනදි කාන්තා හිංසනයක් වුනේ නෑ කියලත් ඒ කෙල්ල කියනවා. පස්සෙ මීඩියාවලටත් ඒ කෙල්ල එහෙමම කියනවා.

පොලිසිය ආපහු වැටෙන්නෙ ලොකු ප්‍රශ්නෙකට​. බැලූ බැල්මට දූෂණයක් වුණත් මේක රඟපෑමක් බව ඔවුන් කියනවා. වීඩියෝ එක ලීක් වෙන්න ඇත්තෙ ෆෝන් එක හදන්න දීපු තැනකින් කියල පොලිසියට ඔවුන් කියනවා.

ඇත්තටම මෙහෙම වුනොත් පොලිසිය ඒකත් කාන්තා හිංසනයක් නෙවෙයි කියාවිද​?

Sunday, October 4, 2015

යුද්ධය අවසානයේ රට ගොඩගන්න උදව් කළේ ගඩාෆි - රාජපක්ෂ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමන්ට විරුද්ධව එල්ලවන ඇතැම් චෝදනා පිළිබඳ අදහස් දැක්වූවා. ඒ වගේම ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි ලංකාව ගැන සම්මත වූ යෝජනාව තරයේ විවේචනය කළා. ඒ වගේම රටේ පළමු යුතුකම රණවිරුවන් ආරක්ෂා කිරීම බව ඔහු කියා හිටියා.

රාජපක්ෂ පිළිතුරු දුන් බොහෝ චෝදනා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරමින් වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් එල්ල කරන ලද ඒවා වුනා. මේ අතර ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ කරට අත දමාගෙන සිටීම ගැනත් කියැවුනා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමා ගඩාෆිගේ කරට අත දමාගෙන සිටියා නොව ගඩාෆි තමාගේ කරට අත දමාගෙන සිටි බවයි.

මේ අතරම රාජපක්ෂ කියා සිටියේ යුද්ධය අවසාන වීමත් සමඟ රට විශාල ආර්ථික අර්බුදයකට යාමේ ඉඩක් ඇතිවූ අවස්ථාවේ, බටහිර රටවල් අප රට කෙරෙහි නොසතුටින් සිටියදී, ලිබියාව අපට උපකාර කළ බවයි. තමාගේ එක දුරකථන ඇමතුමකට පසු, ගඩාෆි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ණය වශයෙන් ලබාදුන් අතර එයින් රටේ ආර්ථිකය තල්ලු කරගෙන ගිය බව රාජපක්ෂ කියා සිටියා.

ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවී මාස කිහිපයකට පසු, ගඩාෆි බලයට පැමිණි 1969 ලිබියානු විප්ලවයේ 40 වන සංවත්සරය සඳහා රාජපක්ෂ ලිබියාවට ගිය අවස්ථාවේ තමයි අර සිදුවීම වුණේ.

කොටදෙණියාවේ OIC අමතක කරන්න එපා

කොටදෙණියාවේ ස්ථානාධිපති හෙවත් ඕ.අයි.සී, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර කියන නම හොඳින් මතක තියා ගන්න​.

වරදකරුවෙක් ද යන්න නොදැන පාසැල් යන ළමයෙක් අත් අඩංගුවට ගැනීමත් ඔහුට අමානුෂික ලෙස පහර දුන්නා කියන සිද්ධියකටත් ඔහු පිළිතුරු දිය යුතුයි.

පහර දීම සිදු වුණේ නැහැ කියමු. කුමන හේතුවක් නිසා ද වරද පිළිගත් බව කියන කොණ්ඩයා කියන කෙනා මාධ්‍යයට නොපෙන්නා සුදු රෙදිවලින් වහගෙන යන ගමන් අර ළමයාව ප්‍රසිද්ධියේ පෙන්නුවේ? ළමයකු වරදකරු වුනත් ඔහුගේ නම ගම ප්‍රසිද්ධ වීම නවත්වන්න ආණ්ඩුව වග බලාගන්න ඕන​. ඒක ආණ්ඩුවේ, ඒ කියන්නෙ පොලිසියේ වගකීමක්.

මේ ළමයාව රටට පේන්න උසාවි ගෙනාවේ ඒ ළමයා ගැන ඉරිසියාවෙන් ද​? උදය කුමාර කියන පොලිස්කාරයා මීට පෙර ලැප්ටොප් දැකලා නැද්ද​?

උදය කුමාරට පොලිසිය දඬුවම් නොකළොත්, කවදා හරි මිනිහා ඒ.එස්.පී, එස්.එස්.පී, නැත්නම් පොලිස්පති වෙයි.

කවදාහරි දවසක ඒ.එස්.පී. උදයකුමාර​, එස්.එස්.පී උදය කුමාර​, පොලිස්පති උදය කුමාර කියන නම අහන්න ලැබුණොත් මතකයට නගා ගන්න ඒ කවුද කියලා.

ප​. ලි. මේ ළමය ගැන ලියපු පත්තරකාරයොත් ළමයගෙ පින්තූර පෙන්නුවා මිස මේ පොලිස් 'රාළහාමිගෙ' පින්තූර පෙන්නුවේ නෑ නෙ. ඇයි දන්නෙ නෑ.

තොත්ත බබා පොලීසියට උත්තරයක් - පොලීසිය කරපු වැරදි මෙන්න​

Friday, October 2, 2015

යුරේනිගේ පෑන්ටිය සහ අසහනකාරයන්ගේ කතාව​ (18+)

ලෝක ළමා දිනය සැමරූ ඊයේ (ඔක්තෝබර් 1 වනදා) ලංකාවේ ගොසිප් වෙබ් අඩවි මෙන්ම සාමාන්‍ය පුවත් වෙබ් අඩවි සමහරක් ද 'පිස්සු නැටූ' දිනයක් වුනා. මේ සිද්ධි ඔක්කොම ගැන වෙනමම ලියන්න පුලුවනි. නමුත් උදේ පාන්දරින්ම කට්ටිය වැඩ අල්ලාපු සිද්ධියෙන්ම පටන් ගමු.

යුරේනි නොෂිකා කියන නිලිය සංගීත ප්‍රසංගයකදි ඇඳපු ඇඳුමක් පිළිබඳ එදින උදේම ඇතැම් ගොසිප් සයිට්වල දකින්න ලැබුණා. ලේබල් එක ගලවපු නැති ලෙගින්ස්වලට යටින් ඇයගෙ පෑන්ටිය පෙනීම ගැන තමයි මේ කතා ලියැවී තිබුණේ.

මෙහිදී බොහොම නරකම සිද්ධිය තමයි, යුරේනි පසුගිය දවස්වල ලංකාවේ පිරිමින් ගෙ අසහනය ගැනත්, ඒ නිසා අපචාර වැඩිවෙන බවත්, ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු වගත් ප්‍රකාශ කළ බව පවසමින් මේ පුවත් පළ කිරීම​.

යුරේනි ලංකාවේ පිරිමින්ගෙ අසහනය ගැන මෙතරම් හොඳින්ම දැනගෙන ඉඳිද්දිත් තමුන් ඇඳගෙන ඉන්න ජංගිය පෙනෙන ඇඳුමක් ඇඳගෙන ස්ටේජ් එකකට නැග්ග එකෙන් එයාගෙ බුද්ධි මට්ටම ගැන සාධාරණ සැකයක් මතු වෙනවා. සමහරවිට මේ ඇඳුම මෙච්චර විනිවිද පෙනෙයි කියල එයා හිතන්න නැතුව ඇති.

නමුත් යුරේනි මීට කළින් ඉදිරිපත් කළ අදහස් හෑල්ලුවට ලක් කරන අදහසින්, ඒ කියන්නෙ ඈ පිරිමින්ගෙ අසහනය ගැන කියූ දේ පාච්චල් කරන අදහසින් ඇයගෙ යට ඇඳුම පාවිච්චි කළා කියලා අපට හිතෙනවා. ඒ කියන්නෙ, මේ විදියට ඇයට මඩ ගහන්නෙ ඇගේ ප්‍රකාශය වැදිලා තොප්පි දාගත්තු අසහනකාරයො පිරිසක්. ඔවුන් කරන්න හදන්නෙ අනුන්ට බණ කියන යුරේනිටත් අසහනය කියල කියන්න හදන එක​.

එක අතකින් මේ අසහනකාරයින් දුක් වෙන්නෙ යුරේනි පෑන්ටියක් ඇඳන් ඉන්න එක ගැන වෙන්න ඇති.

නමුත් යුරේනි ඉදිරිපත් කරපු අදහස්වල සත්‍යතාවක් නැහැයි කියන්න බැහැ. ලංකාවෙ ගැහැණුන් කොටට අඳින එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේ අසහනකාරයින්ට​. නමුත් මෙම අසහනය නැති, ලිංගික අවශ්‍යතා මීට වඩා සාමාන්‍ය ලෙස සලකන​, මීට වඩා පහසුවෙන් ඉටු කරගන්න පුලුවන් සමාජවල මේ දේවල් එච්චර ලොකු දේවල් නෙවෙයි.

එයින් අදහස් වෙන්නෙ නැහැ ලිංගිකත්වය ගැන ලිබරල් ලෙස හිතන සමාජවල ස්ත්‍රී දූෂණ නොවෙන බව​. නමුත් ඒ වගේ තැනක මේ වගේ අසහනයක් නැහැ.

ගැහැණු ළමයෙක් ලස්සනට ඇඳල යන හැටි බලන්න බොහෝ දෙනා කැමැතියි. කෙනෙක් එහි සුන්දරත්වය දකිනවා, තව කෙනෙක් එයින් අසහනයට පත් වෙනවා. එක් එක් අයගේ සමාජ පසුබිම මේ සඳහා බලපානවා. අසහනකාරයා ඒ වග පිළිගන්න කැමැති නැහැ. ඒ නිසා මේ වගේ මඩ ගසමින් සතුටු වෙනවා.

Sunday, September 27, 2015

තොත්ත බබා පොලීසියට උත්තරයක් - පොලීසිය කරපු වැරදි මෙන්න​

ඊයෙ ලංකාවේ කීර්තිමත් කියන පොලිස් නිලධාරී මහත්මයෙක් අර අවුරුදු 17 ක ළමයකු අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශ කරමින් ඇහුවෙ "මොකක්ද පොලීසිය කරපු වරද​?" කියලා.

ඒ තොත්ත බබා වෙන්න හදන පොලිස් ලොක්කාට මේක කියවන්න දෙන්න​. මේ බීබීසී සන්දේශයේ පළවූ ලිපියක්. මේක ලියල තියෙන්නෙ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්තුමා එක්ක සාකච්ඡා කරලා. නැතුව තොත්ත බබා පොලීසිය එක්ක කතා කරල නෙවෙයි.



පොලීසිය පාසල් සිසුවාගේ 'අයීතීන් කඩලා' - ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

සේයා සදෙව්මි දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීමෙන් ඔහුට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කරයි.

මෙම පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් තිබුණේ ද යන්න මූලික ගැටලුව බවයි ඔහු පවසන්නේ.

නීතිය

සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇති බවත් එය විවාදයෙන් තොර බවත් පවසන ඔහු, එසේ නමුත් කිසිවකු අත් අඩංගුවට ගන්නා ආකාරය නීතියේ පැහැදිලිව සඳහන් වන බවත් පෙන්වා දෙන්නේය.

ලැබුණු කිසියම් තොරතුරක් අනුව කලබලවී කඩිමුඩියේ පාසල් සිසුවා අත් අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති තවත් සැකකරුවෙකු එම අපරාධය සිදු කළ බවට පිළිගෙන තිබෙන බව පවසන ඔහු වැරදි ආකාරයට පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි කිරීමක් කළ යුතු බව ප්‍රකාශ කළේය.

පෞද්ගලිකත්වය

1993 ළමා අයිතීන් පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බව පෙන්වා දෙන ආචාර්ය ප්‍රතිභා මහානාම එමගින් ළමුන්ගේ ගරුත්වය , ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කොට ඇති බව පෙන්වා දෙන්නේය.

"මේ සියල්ල කඩවෙලා මේ දරුවාට. විශාල ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබෙනව. භාරකාරයන් යටතේ හැදෙන්නේ. ඔවුන්ටත් ගැටලුවක්," යනුවෙනුයි සිසුවා මුහුණ දෙන තත්වය ඔහු විස්තර කළේ.

ළමුන්ගේ අනන්‍යතාව සුරැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටින නමුත් සියලු විස්තර මාධ්‍යවලට ලබා දීම අනුමත කළ නොහැකි බව පැවසූ ඔහු දරුවකු සැකකරුවකු වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බව පෙන්වා දෙයි.

අනන්‍යතාව

"ළමයා අපයෝජකයෙකු වෙන්න පුළුවන් සමහර වෙලාවට සැකකරුවකු වෙන්න පුළුවන්, නමුත් කිසිම ආකාරයකින් අනන්‍යතාව හෙළි කරන්න බැහැ. ජයාරූප පල කරන බැහැ. පෞගලිකත්වය ආරක්ෂා කරන්න ඕනැ. එය රජයේත් වගකීමක්," ඔහු ප්‍රකාශ කළේය.

සේයා සදෙව්මි දැරියගේ නිරුවත් ජායාරූප ෆේස් බුක් අඩවියේ පවා හුවමාරුවෙමින් තිබෙන බව කියා සිටි ඔහු එය වහා නතර කළ යුතු බවයි පැවසුවේ.

රටේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ඇමතිවරයකු , ඇමතිනියක , මාධ්‍ය ආයතන, සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ඇති නමුත් මෙවැනි සිද්ධීන් අඩු කර ගැනීමට හැකිවී නැති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා තවදුරටත් ප්‍රකාශ කළේ.

(BBC සංදේශය)

Monday, June 1, 2015

TNL නාලිකාව අධිකරණයට අපහාස කළාද​?

TNL රූපවාහිනී නාලිකාවේ ඊයේ (31) රාත්‍රියේ විකාශය වූ වැඩසටහනකදී එක් 'මාධ්‍යවේදිනියක්' අපූරු කතාවක් කිව්වා. ඉස්සර වගේ නෙවෙයි ලු දැන්. ඉස්සර කාලෙ (රාජපක්‍ෂ පාලන සමයේදි) අගතියට පත් අය වෙනුවෙන් හඬ නගන්නට කෙනෙක් නොසිටි බව කියූ ඈ, දැන් නම් යුක්තිය ඉල්ලා මිනිසුන් නැගී සිටින බව පැහැදිලි කළා.

යාපනයේ විද්‍යා සිසුවිය වෙනුවෙන් රටම නැගී සිටි බව කියූ මෙම 'මාධ්‍යවේදිනිය​' ඉන්පසු කිව්වේ අමුතු කතාවක්.

"අධිකරණයට ගල් ගහලා හරි යුක්තිය ඉටු කරගන්න මිනිස්සු නැගී හිටියා" කියලා ඈ කිව්වා.

අධිකරණයට පහර දුන් 130 ක් අත් අඩංගුවට අරන් රිමාන්ඩ් භාරයේ ඉන්න වෙලාවක ඈ මෙසේ ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමක් මිසක් වෙනත් කුමක්ද​? ඒ කියන්නේ යුක්තිය ඉටු කරගන්නට නම් අධිකරණයට ගල් ගැසුවාට කමක් නැත කියන එක නෙවෙයි ද​?

මේ අවස්ථාවේ එතැන හිටපු වෙනත් 'මාධ්‍යවේදියෙක්' ඇගේ ප්‍රකාශයේ සැර බාල කරන්නට වගේ වෙනත් කතාවක් කිව්වා. ඔහු පැහැදිලි කළා කිසිවකුට අධිකරණයට ගල් ගසන්නට අයිතියක් නැති බව​.

නමුත් නැවතත් තම නොදැනුවත්කම සහ මුරණ් ඩුකම ප්‍රදර්ශනය කරපු කලින් 'මාධ්‍යවේදිනිය​' කියා සිටියේ අධිකරණයට ගල් ගසන තැනට එය පත් කළේ රාජපක්‍ෂ රෙජීමය බව​.

ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙන බව ඇත්ත​. නමුත් ලංකාවේ පළමුවෙන්ම අග්‍ර විනිශ්චයකාරයකු අයින් කළේ කවුද කියන එක අපට හොඳට මතකයි. ඒ ඇයි කියන එකත් මතකයි. මේ 'මාධ්‍යවේදිනිය​' ඒ කාලෙ ඉපදිලා නැතිව ඇති මම හිතන්නෙ.

ඒ කාරණා කොහොම වුනත් යුක්තිය ඉටු කරගන්නට අධිකරණයට ගල් ගහන එක සාධාරණ බව කීමම අධිකරණයට පහර දීපු අයට සහාය දැක්වීමක් සහ අධිකරණයට අපහාස කිරීමක් ඇර වෙනත් යමක් නෙවෙයි.

Sunday, May 3, 2015

මහින්ද රාජපක්‍ෂ ‘අල්-ජසීරා’ රූපවාහිනී නාලිකාවට බොරු කියයි: රාවය​

පසුගිය සතියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ‘අල්-ජසීරා’ රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. එහිදී අල්-ජසීරා මාධ්‍යවේදිනිය ඇසූ එක් ප‍්‍රශ්නයක් වූයේ, ජනවාරි 8වැනිදා රාත‍්‍රියේ තමාගෙන් බලය ගිලිහී යන බව දැනගෙන, එය තවදුරටත් තමා වෙතම රඳවා තබාගැනීම සඳහා අරලිය ගහ මන්දිරයේදී, කුමන්ත‍්‍රණයක යෙදුණාය කියන කතාව ඇත්තක්ද යන්නය. ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ, ‘ඒක විහිළුවක්. පැයක කුමන්ත‍්‍රණයකින් රටක බලය අල්ලාගෙන තබාගන්න පුළුවන්ද?’ කියාය. පරාජය වුවහොත්, වහාම රජය භාරදී පිටත්ව යන්නට, පෙර සිටම තමා සූදානම් ව සිටි බව රාජපක්‍ෂ මහතා එම සම්මුඛ සාකච්ඡුාවේදී කීවේය.

එහෙත් ‘රාවය’ පසුගිය ජනවාරි 18වැනිදා පළකළ ‘මහජන බලයට පිටුපා රාජපක්‍ෂ බලයේ රඳවාගැනීමට කළ පැය 72 මෙහෙයුම’ නම් ලිපියෙන් හෙළිවන්නේ සත්‍යය, මහින්ද රාජපක්‍ෂ කියනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවය. රාවයට ලැබුණු සියලූ විශ්වාසදායී හා තහවුරු කරගන්නා ලද තොරතුරු අනුව අරලියගහ මහන්දිරයේදී කුමන්ත‍්‍රණයක් නිසැකවම සිදුවිය. එහෙත් එය මහින්ද රාජපක්‍ෂ මහතා කියන පරිදි ‘පැයක’ කුමන්ත‍්‍රණයක් නොවේ. ඊට දින ගණනකට පෙර රාජපක්‍ෂවරුන්ට හිතැ’ති හමුදා නිලධාරීන් හා අනෙකුත් රජයේ නිලධාරීන් එක්ව සූක්‍ෂ්ම ලෙස සැලසුම් කරන ලද එකක් විය. ජනවාරි 8වැනිදා වන විටත්, ඒ කුමන්ත‍්‍රණය ප‍්‍රකාරව කොළඹ අවට ප‍්‍රදේශ ගණනාවක හමුදා ඛණ්ඩ රාශියක් ස්ථානගත කොට තිබිණි. ජනවාරි 8වැනිදා මධ්‍යම රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේදී රඟදැක්වුණේ එහි අවසාන ජවනිකාවයි.
රටේ වාසනාවකට, එම අවසන් ජවනිකාවට කැඳවනු ලැබූ නීතිපතිවරයා, හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා ඒ කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයට සම්පූර්ණ විරුද්ධත්වය ප‍්‍රකාශ කළහ. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ද ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ සිටියේය. කුමන්ත‍්‍රණයේදී කතාකැරුණේ, ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අත්හිටුවා, රටපුරා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කොට, හමුදාව මහපාරට කැඳවා එල්ලවිය හැකි මහජන විරෝධය මර්දනය කොට මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ රඳවාතබාගත යුතු බවය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වූ පසු මේ කුමන්ත‍්‍රණය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත් රජයේ විවිධ පුද්ගලයනුත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකත් නිරන්තරයෙන් කතා කළහ. මංගල සමරවීර මහතා කුමන්ත‍්‍රණය ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කළේය. ඒ ගැන පරීක්‍ෂණයක් ඇරඹුණු බව පෙනෙන්නට තිබුණු අතර, උදය ගම්මන්පිළ, හිටපු හමුදාපති දයා රත්නායක වැනි අයගෙන් ප‍්‍රකාශද සටහන් කරගත් බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත්, ඉන්පසු එම පරීක්‍ෂණවලට කුමක් සිදුවීදැ’යි කිසිවකු දන්නේ නැත.

රාවය තොරතුරුවලට අනුව, අරලියගහ මන්දිරයේ පැය 72 මෙහෙයුම පිළිබඳ කුමන්ත‍්‍රණයක් නිසැකවම සිදුවිය. මහින්ද රාජපක්‍ෂ මහතා අල්-ජසීරාවට බොරු කිවූ බව තහවුරු කරන්නට අවශ්‍ය කිසියම් පාර්ශ්වයක් සිටියි නම්, ඒ ලිපියේ තොරතුරු අනුව විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමෙන් එහි ඇත්ත රටට හෙළිකළ හැකිය.
පැය 72 කුමන්ත‍්‍රණය ගැන පළවූ ලිපිය සංස්කරණ සහිතව අප මෙහි නැවත පළ කරන්නේ, රට ගෙවා පැමිණි ඒ බිහිසුණු හෝරාව යළි මතකයට කැඳවීම සඳහා ය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

නාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට ‘රාවය’ වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර් 24 හා 25 දිනවල හමුදා සෙබළුන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඒවාට මුද්දර ඇලවීමේ හා යන්ත‍්‍රානුසාරයෙන් මුද්දර මුද්‍රණය කිරීමේ යෙදී සිටින බවත් එක් ලිපියක බර අනුව රුපියල් 25ක මුද්දර එහි ඇලවිය යුතු බවත්, එම මුදල සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් ඒ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවත් තවදුරටත් වාර්තාවේ සඳහන් විය. ‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ’ නමින් යුත් පිටු 14කින් සමන්විත එම පත‍්‍රිකාව (පොත් පිංචකි) කියවන්නකුට දැනෙන්නේ එය මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය දෙන ලෙස කරන නිර්ලජ්ජිත ඉල්ලීමක් බවය. මැතිවරණ සමයකදී රජයේ හමුදාවකට එවැනි දෙයක් කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත. මේ පොත් පිංච මැතිවරණ නීතිය කඩකරමින් තැපැල් කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයාට ආරංචි වීමෙන් පසු ඔහු මැදිහත්වී තැපැල් කිරීම අත්හිටුවනු ලැබිණි. එහෙත් හමුදාව ඉන් පසුබෑවේ නැත. ඔවුහු කළෝ, එම ලිපි උපතැපැල් කාර්යාල මට්ටමෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් තැපැල් කිරීමය. තවත් කොටසක් හමුදා වාහන යොදවා බෙදාහරින ලදි. ඒ ගැනද ආරංචිවී මැතිවරණ කොමසාරිස්වරයා නැවතත් බෙදාහැරීම වැළැක්වූ නමුත් කිසියම් කොටසක් බෙදාහරින ලදි. මහින්ද රාජපක්‍ෂට අමු අමුවේ කඬේ ගිය, ආණ්ඩුවේ බදුමුදලින් මුද්‍රණය කොට පත‍්‍රිකා බෙදාහැරීමේ නිර්ලජ්ජිත මෙහෙයුම පිටුපස සිටියේ මීට පෙර හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කළ යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ, බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් දෙමටන්පිටිය, බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක හා ලෙෆ්ටිනන්ට් කර්නල් අජිත් වික‍්‍රමසේකර යන අයය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ග‍්‍රහණය කරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටි අය වෙති.

මේ ලිපි මෙහෙයුමට අමතරව හමුදාවේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් සෘජුවම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයට එක්ව සිටියහ. ඉන් පළමු තැන හිමිවන්නේ යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකටය. ඔහු හමුදා සෙබළුන් අමතන රැුස්වීම් පවත්වමින් (එරදදච ්ාාරුිිසබට* කරමින් ජනාධිපතිවරණ සමයේදී හමුදා කඳවුරු රාශියක සංචාරය කළ අතර, එහිදී කතාකරමින් මහින්ද යුද්ධය ජයග‍්‍රහණය කළ ආකාරයත්, ඉන්පසු හමුදා සෙබළුන්ට හොඳින් සැලකූ ආකාරයත් කියන ඔහු අවසානයේ කියන්නේ ඒ ජයග‍්‍රහණ රැුකගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ යළි ජයග‍්‍රහණය කරවිය යුතු බවය.

හමුදා කුමන්ත‍්‍රණය

ජනාධිපතිවරණය ආශ‍්‍රිත හමුදා මැදිහත්වීම උච්චතම හා භයානකම අවස්ථාවට පත්වන්නේ ජනාධිපති වරණයෙන් පසු හමුදාව යොදවා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම සඳහා දියත්කැරෙන කුමන්ත‍්‍රණයත් සමඟය.

රාවයට වාර්තා වූ අන්දමට මේ වැඩපිළිවෙල පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිර පිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.

පැය 72 මෙහෙයුම

මෙහෙයුමේ වැඩ පිළිවෙල අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැුඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලූනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන එවැනි විශේෂ ස්ථාන අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත්වන ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව වූ අතර, මෙලෙස පැය 72ක කාලයක් කොළඹ හා රට පුරා ජනතාව එක් රොක් වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දිය වී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න කුමන්ත‍්‍රණකරුවන්ගේ තක්සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැුඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවා ගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

රාජපක්‍ෂ හමුදා පාලනයක්

මේ සැලැස්ම ක‍්‍රියාත්මක වූයේ නම් රට හමුදා පාලනයකට යටත්වන්නට තිබුණු අතර, මහින්ද රාජපක්‍ෂ තවදුරටත් හමුදා පාලකයකුගේ තත්ත්වයෙන් රට පාලනය කරනු ඇත. ඊට අමතරව රට ලේ විලක් වීමට නියමිතව තිබිණ.

කුමන්ත‍්‍රණ සැලසුම ගැනත්, එය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සාකච්ඡුා කිරීම සඳහා වූ රැස්වීම් දෙකක් ජනවාරි 7වැනිදා සහ 8වැනිදා පැවැත්විණි.
7වැනිදා රැුස්වීම පැවැත්වුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීගේ කාර්යාලයෙහිදීය. ඊට මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක්, බි‍්‍රගේඩියර්වරු 8 දෙනෙක් හා පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනෙක් සහභාගිවූහ. ඔවුන් දෙදෙනා වනුයේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ය. ඔවුන්ට මේ රැුස්වීම සඳහා සහභාගිවන ලෙස නියම කර තිබුණේ ලංකාවේ සිටි අපකීර්තිමත්ම පොලිස්පති වරයකු වූ, ඒ අවස්ථාවේදී නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ මහින්ද බාලසූරිය විසිනි. ජනාධිපතිවරණ සමය තුළ ලජ්ජා රහිතවම මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා පොලිසිය මෙහෙයවන්නට කටයුතු කළ බාලසූරිය ඒ නියෝගය කර තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියමයක් ලෙසය. ජනාධිපතිවරණයෙන් පසු බාලසූරිය මහතා රටෙන් පැනගියේය.

8වැනිදා රැුස්වීමේ මූලිකත්වය ගෙන සිටියේ මේජර් ජෙනරාල් පෙරේරාය. ඊට අමතරව මේජර් ජෙනරාල් සමරසිංහ, බි‍්‍රගේඩියර් මඩවල, බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල, බි‍්‍රගේඩියර් ළමාහේවාද එහි සිටි අය අතර වූහ. එම රැුස්වීමේදී පෙරේරා හා ජයසූරිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්කිරීම අතරතුර හමුදාව විසින් රටේ පාලන බලය සියතට ගැනීම ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ බව වාර්තා වන අතර, හමුදාව බලය ලබාගත් පසු නීතිය හා සාමය ආරක්‍ෂාකිරීම පොලිසිය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ඊට සහභාගිවූ පොලිස් නිලධාරීන් දෙදෙනා වන සේනානායක හා මතුරට පැහැදිලිවම අවධාරණය කර සිටියේ, රටේ සාමාන්‍ය නීතියට පිටතින් සිදුවන කිසිදු දෙයක් සඳහා පොලිසිය සහයෝගය නොදෙන බවත්, විශේෂයෙන් එවැනි බලහත්කාරී කටයුත්තක යෙදීමට පොලිසියේ පහළ ස්ථරවල නිලධාරීන් කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇති බවත්ය.

ඒ අතර පොලිස්පති එන් කේ ඉලංගකෝන් සියලූ පොලිස් කොට්ඨාසවලට හා අනෙකුත් සියලූ මට්ටම්වල නිලධාරීන්ට දැනුම් දී තිබුණේ රටේ නීතියට පිටින් යන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට මෙන්ම සහයෝගය නොදීමටද තදින් වගබලා ගත යුතු බවය. ඒ අතර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නගේ මෙහෙයවීමෙන් රටේ වැදගත් ස්ථානවල මෙන්ම ප‍්‍රදේශවලද පොලිස් ආරක්‍ෂාව තහවුරු කරන ලදි.

පොලිසියේ විරෝධය

දෙවැනි රැස්වීම පැවැත්වුණේ ජනවාරි 8වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේදීය. පෙර දින රැුස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූහ. එහිදී විශේෂයෙන් හමුදා නිලධාරීන් කියා සිටියේ සැලැස්ම අනුව හමුදා සෙබළ පිරිස් අදාල ස්ථානවල ඒ වනවිටත් ස්ථානගත කොට ඇති බවත්, හමුදාව පාලනය භාරගත් පසු පොලිසිය නීතිය හා සාමය ආරක්‍ෂා කළ යුතු බවත්ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අවස්ථාවේදීත් සිටියේ සිය දැඩි ස්ථාවරයේය. මේ කුමන්ත‍්‍රණය සඳහා පොලිසියේ සහායක් නැති බවට ඔවුහු පැහැදිලිවම අවධාරණය කළෝය.

කෙසේ වෙතත් මේ රැුස්වීම් දෙකෙහි තොරතුරුත්, හමුදා සැලැස්මේ තොරතුරුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ තවත් සුළු පිරිසකට දැනගන්නට ලැබිණි. වික‍්‍රමසිංහ මහතා ඒ ගැන අමෙරිකාවද දැනුවත් කරන ලද බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්‍ෂට දුරකථන ඇමතුමක් ලබා දී මහජන මතයට ගරුකරමින් සාමකාමී ලෙස බලය මාරුවන තැනට කටයුතු කරන ලෙස කී බවත් දැනගන්නට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂගෙන් උදේ 4.30ට දුරකථන ඇමතුම ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

අගවිනිසුරුත් එහේ

දුරකථන ඇමතුම ලත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ තමා අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් බවය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ට අරලියගහ මන්දිරයට යන බව දැනුම් දී එහි යන විටත් අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ රැුඳී සිටිනු දැක රනිල් විස්මයට පත්වූ බව කියනු ලැබේ. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්‍ෂක යකුගේ නිවසේ සිටීම ගැනය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ හා මොහාන් පීරිස්ගේ මුහුණු මැළැවුණු අඳුරු ස්වභාවයක් ගෙන තිබුණු බව ද ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්‍ෂ එදින රාත‍්‍රියේ තමා විසින් පත්කරන ලද අගවිනිසුරුවරයා එහි කැඳවා තිබුණේ කුමකටද? ඉදිරි අවුරුදු දෙකක කාලය තමාට ධුරයේ සිටිය හැකිද යන්න ගැන අදහසක් ලබාගැනීමටය. අගවිනිසුරුවරයා, ‘එය කළ හැකියැ’යි පිළිතුරු දී තිබුණු බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග කියයි.

හමුදාව රඳවයි

මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භට පිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැුයෙහි එවැනි ‘ස්ටෑන්ඞ්බයි’ තත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ජනතාවට පෙනෙන පරිදි තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.

මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළු පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැුඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. කඩොල්කැලේ හමුදා බැටෑලියනයක් සිටින්නේ ඇයිදැ’යි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ ජනාධිපතිවරණයට පසු ලංකාවේ සංචාරයක යෙදුණු පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැඳවූ බවය.

කවර හේතුවක්, බලපෑමක් නිසා හෝ මේ කුමන්ත‍්‍රණ සැලසුම අසාර්ථක වූයේ රටේ වාසනාවටය. එය එසේ නොවිණි නම්, එක් පුද්ගලයකුගේ අධික බල තණ්හාව නිසා මහා ලේ ගංගාවක් ජනවාරි 8න් පසු රටේ ගලායන්නට ඉඩතිබුණි.

මහින්දගේ ඉල්ලීම්

රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.

මේ සාකච්ඡුාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා, කිසිදු ගැටලූවකින් තොරව මෘදු ලෙස මෛත‍්‍රීපාල සිරිසේනට බලය පවරන්නේ නම්, රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අනෙක් සාමාජිකයන්ගේ ආරක්‍ෂාව නියත වශයෙන්ම සලසන බවට සහතික වී තිබේ. එලෙස බලය මාරුකිරීමේ කාලසටහනකට ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වය එකඟ වූහ. මහින්දට ඒ වන විටත් තිබුණු පෞද්ගලික ආරක්‍ෂාව එලෙසම පවත්වාගැනීමට ද එකඟවූහ. ගෝඨාභය රාජපක්‍ෂටද ආරක්‍ෂක ඒකකයක් ලබාදීමට එකඟ විය. වැදගත්ම කාරණය වන්නේ, තමාගේ නිල නිවස ලෙස කොළඹ 2, ජායික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති සුවිසල් ‘ඇක්ලන්ඞ් හවුස්’ (විසුම්පාය) රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති මන්දිරයත්, අරලියගහ මන්දිරයත් යන දෙකම සිය පාවිච්චිය සඳහා යොදාගත් නිසා අගමැති නිල නිවස බවට පත්ව තිබුණේ මේ විසුම්පාය යි. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කේපී කලක් ගෝඨාභය රාජපක්‍ෂගේ අනුග‍්‍රහය ඇතිව සියලූ සැපසම්පත් සහිතව රඳවා තබා සිටියේද මේ සුවිසල් මන්දිරයේය. කෙසේ වෙතත් සාකච්ඡුාවේ අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා, දුරකථනයෙන් රාජපක්‍ෂ මහතා අමතා විසුම්පාය ලබාදිය නොහැකි බවත්, වෙනත් නිවෙසක් නිල නිවෙස ලෙස තෝරාගන්නා ලෙසත් දැනුම් දී තිබේ.

ජනවාරි 9වැනිදා කොළඹින් පිටත්වී තංගල්ලට යෑමට හෙලිකොප්ටර් දෙකක් සූදානම් කර දෙන ලෙසද මහින්ද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් සූදානම් කරනු ලැබීය. එදින දහවල් 1.30ට කොළඹ, ආරක්‍ෂක අමාත්‍යාංශ කී‍්‍රඩාපිටියේ සිට තංගල්ලට මහින්ද රාජපක්‍ෂ මහතා සිය පුතුන්ද කැටුව නික්ම ගියේය.

එසේම, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් කිසිදු හානියක් තමන්ට, විශේෂයෙන් සහෝදර ගෝඨාභයට මෙන්ම පවුගේ සාමාජිකයන්ට නොවන පරිදි කටයුතු කරන්නැ’යිද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණ.

මේ ආකාරයට ඊට දිනයකට පෙර මහරජකුගේ අභිමානවත් බව පළකළ පුද්ගලයා ආරක්‍ෂාව සඳහා දසත යදින තත්ත්වයක් නිර්මාණය වී තිබිණ. එහෙත් ඒ හොඳින් හෝ නරකින් තවදුරටත් බලයේ රැුඳී සිටීමට ඔහු ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුවය. එනිසා රාජපක්‍ෂ මහතා කොළඹින් පිටත්ව දකුණට ගියේ සාමයෙන් බලය පවරා, මහත්මයකු සේ සිල්රෙද්දක් පොරවාගෙන නොවේ. සියලූ කුමන්ත‍්‍රණ මහජන බලය ඉදිරියේ අසාර්ථක වීම නිසාය. මහින්ද රාජපක්‍ෂ නම් ඒකාධිපති පාලකයා සිහසුනෙන් බස්වා මැදමුලනට යැවීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ වෙනසක් අපේක්‍ෂා කළ මේ රටේ යුක්තිගරුක ජනතාවටය.
(ravaya.lk)

Saturday, April 18, 2015

බිකිනි ඇඳන් මහපාරේ

මීට කළකට පෙර ඕනෑම පොඩි වැස්සකට වුනත් ලංකාවේ පාරවල් යටවීම සුලභ කාරණයක් වුනා. ඒ වගේම බොහෝ පාරවල්වල අලි නාවන්න පුලුවන් වලවල් හැදිලා තිබුණා. මාර්ග සංවර්ධනය නිසා තත්ත්වය ටිකක් වෙනස් වුනත්, අදටත් ඒ වගේ පාරවල් ඕනා තරම් ලංකාවේ තියෙනවා. මේ වගේ පාරවල් හදන්නට කෙරෙන ඉල්ලීම් ද නිතර දකින්න පුලුවනි.

රුසියාවේ තුන්වෙනියට විශාලම ජනගහනයක් ජීවත්වන​, සයිබීරියාවේ විශාලතම නගරයද වන නෝවෝසර්බීර්ස්ක් නගරයේත් පාරවල්වල වතුර එකතු වන තැන් දකින්න පුලුවනි. මේ කාළයේ රුසියාවේ හිම දියවෙන නිසා මේ තැන්වල වතුර එකතු වෙල තියෙනවා. එමෙන්ම නගරය හරිහැටි පිරිසිදු නොකරන බවත් වාර්තා වෙනවා.

මෙම නගරයේ නගරාධිපති වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඇනටෝලි ලොකොට්. ඔහුට එරෙහිව මෑතකදී අමුතු මාදිලියේ විරෝධතාවයක් දියත් කෙරුණා.

සුරූපී රුසියානු ළඳුන් පිරිසක් බිකිනිවලින් සහ අඩි උස සපත්තුවලින් සැරසී මේවැනි වතුර පිරුණ තැනක පාර අයිනේ හාන්සි පුටු තබාගෙන අව්ව තපින්නට පටන් ගත්තේ මුහුදු වෙරළක ස්වභාවය මවා පාමින්. ඒ වගේම ඔවුන් විටෙක ජලයට පැන එහි කෙලිසෙල්ලම් ද කළේ මහපාර මුහුදක් මෙන් බව පෙන්වමින්.

මේ 'මුහුදේ' යන වාහනවල රියැදුරන්ට නම් මෙය අපූරු දර්ශනයක් වුනා. නමුත් මාර්ග අනතුරු ගැන නම් වාර්තා වුනේ නැහැ.

එමෙන්ම මෙම විරෝධතාව මෙහෙයවාපු කෙනෙක් පැහැදිලි නැති බවයි සයිබීරියන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ. මෙය ජනාධිපති පුටින් ගේ පක්ෂයේ වැඩක් වන්නටත් හැකි බව සැක කරන්න හැකියි. රුසියාවේ විපක්ෂ පක්ෂ අතරින් ප්‍රබලම පක්ෂය වන්නේ කොමියුනිස්ට් පක්ෂයයි.