Tuesday, May 20, 2014

පැමලා ඇන්ඩර්සන් වයස අවුරුදු 12 දී දූෂණයට ලක් වෙලා

පැමලා ඇන්ඩර්සන් ප්‍රසිද්ධ වුනේ බේවොච් රූපවාහිනී නාට්‍ය මාලාවේ සී.ජේ.පාකර් නම් සරාගී චරිතයට පණ දෙමින්. ඒ වගේම ඇය Playboy සඟරාවල පෙනී සිටිමෙනුත් ප්‍රසිද්ධ වුනා. කලක් යනකල්ම ලෝකයේ සරාගීම නිලියක් විදියට නම් දරාපු පෑම් ගැන තවමත් කතා වෙනවා.

නමුත් ඊයේ පෙරේදා පැමලා ඇන්ඩර්සන් ලෝකයේ කතාබහට ලක් වුනේ තමන්ගේ පුංචි කාලයේ සිදුවූ ලිංගික අපයෝජනයන් ගැන එයා කරපු හෙළිදරව්වෙන්.

පැමලා ඇන්ඩර්සන් කියන විදියට එයාව පළමුවෙන්ම අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ පුංචි කාලෙ එයා බලාගන්නට ආපු ස්ත්‍රියකගෙන්. ඒ වයස අවුරුදු 6 ඉඳන් 10 වෙනකල් කාලය තුල. පළමු වතාවට ඇයව දූෂණය වෙලා තියෙන්නේ වයස අවුරුදු 12 දී.

"මගේ මිතුරියකගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ සහෝදරයා මට බ්ලැක්ගැමොන් උගන්නන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක බැක් මසාජ් එකක් බවට පත් වුනා. අන්තිමට ඒක කෙළවර වුනේ මම දූෂණය වෙලා. එතකොට මට වයස අවුරුදු 12 යි. ඒ මනුස්සයාට වයස අවුරුදු 25 යි."

මීට අවුරුදු දෙක තුනකට පස්සේ තමන්ගේම පෙම්වතා සහ ඔහුගේ මිතුරන් 6 දෙනෙක් පෑම්ව සමූහ දූෂණයට ලක් කර තියෙනවා.

"අමුතුවෙන් කියන්න ඕන නෑ, මට මනුස්ස සංහතියම විශ්වාස කරන්න බෑ කියලා හිතුනා." පැමලා කියා තිබුණා. "මට හිතුනා මේ ලෝකයෙන්ම අයින් වෙලා යන්න"

 මේ සිද්ධි ගැන ඒ කාලයේම තමන්ගේ දෙමාපියන්ට කියන්නට නොහිතුන බව පෑම් කියනවා. එයා කියන්නේ දෙමාපියන් එයාව ආරක්ෂා කරන්න බොහොම දුක් විඳපු බව. එයාගෙ අම්මා එකවර දෙතැනක වෙටර්වරියක් විදියට සේවය කරලා තියෙනවා. "අම්මා ඒ කාලෙ කොයි වෙලෙත් හිටියේ අඬපු ගමන්" පෑම් කියනවා. "මට එයාට තවත් දුක් දෙන්න හිතුනේ නෑ."

"සත්තුන්ට ආදරේ කරන එක තමයි මාව බේරාගත්තේ. මගේ ළමයි උපදිනකල් මගේ හොඳම මිතුරන් වුනේ ඔවුන්"

පැමලා ඇන්ඩර්සන් සත්ව හිංසනයට එරෙහි "(PETA)" සංවිධානය සමඟ සම්බන්ධ වෙලා නිර්මාංශවාදයට සහ සත්ව ලොම්වලින් මහපු ඇඳුම්වලට විරුද්ධ ව්‍යාපාරයට සහය පළ කළා. 1967 ජුලි 1 වනදා කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ උපන් පැමලා ඇන්ඩර්සන්ට දැන් වයස අවුරුදු 47 කටත් කිට්ටුයි.

පැමලා ඇන්ඩර්සන්ගේ කතාව බොහොම හැඟුම් බරව කරපු එකක්. වයස අවුරුදු 14 දි පිරිමි හත් දෙනෙක් අතින් කෙලෙසිලා ඒ බව ගෙදරිනුත් හංගගෙන හිටියා කියන එක නම් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. තාත්තා බේබද්දෙක් නිසාත්, අම්මා ගෙදර නැති නිසාත් පෑම්ට තමන් ගෙ දුක කියන්න කෙනෙක් නැති වෙන්න ඇති. ඒක එහෙමනම්, ඒකෙන්ම පේනවා ළමා කාලයේ පැමලා ගතකරපු ජීවිතේ ගැන​.

No comments:

Post a Comment