Friday, May 9, 2014

"ඇයි ගැහැණුන් විතරක් හෙලුවෙන්?" Game of Thrones නිළිය අසයි (18+)


ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) රූපවාහිනී කතා මාලාවේ නිළියක වන සිබෙල් කෙකිල්ලි පසුගියදා එම කතා මාලාවේ කාන්තා සහ පුරුෂ චරිතවල නිරුවත දිස්වන ප්‍රමාණයන් අතර වෙනස පිළිබඳ ප්‍රශ්න කර සිටියා.

ඇගෙන් මේ පිළිබඳ ලන්ඩන් නුවරදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක් අසනු ලැබුණා. එම ප්‍රශ්නයෙන් අසන ලද්දේ "පිරිමින් දැනට වඩා වැඩිපුර නිරුවත පෙන්විය යුතු යයි සිතනවාද​?" කියායි. මෙහිදී කෙකිල්ලි කියා සිටියේ සත්තකින්ම එය විය යුතු බවයි.

සිබෙල් කෙකිල්ලි "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ජවනිකාවක​
"ඇත්තෙන්ම​. ඇයි ඔක්කොම ගැහැණුන් විතරක් හෙලුවෙන් ඉන්නෙ?" ඈ අසා සිටියා. "අපි මේ ගැන ඩේවිඩ් බෙනියොෆ් සහ ඩෑන් වෙයිස් (රචකයින්) එක්ක කතා කරන්න ඕන​" කෙකිල්ලි විහිලුවෙන් මෙන් කියා සිටියා.

ලිංගික දර්ශනවලට බෙහෙවින් ප්‍රසිද්ධ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ කාන්තාවන් නිරුවතින් සිටින බොහෝ තැන්වල පිරිමින් ඇඳුම් ඇඳගෙන සිටිනු දකින්නට පුලුවන්.

33 හැවිරිදි තුර්කි සම්භවයක් සහිත ජර්මන් ජාතික නිළියක වන කෙකිල්ලි මීට පෙර "ඩිලාරා" යන අන්වර්ථ නාමයෙන් බ්ලූ ෆිල්ම්වලත් රඟපාලා තියෙනවා. ඒ නිසා කෙකිල්ලිට නම් ටීවී සීරීස් එකක හෙලුවෙන් රඟපෑම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
කෙකිල්ලි කළකට පෙර "ඩිලාරා" ලෙස​

ගේම් ඔෆ් ත්‍රෝන්ස් මාලාවේ ගැහැණුන් වැඩිපුර නිරුවත් වීම ගැන මීට පෙර තවත් නිළියක වන කැරිස් වැන් හෝටන් ද අදහස් දක්වා තිබුණා. නෙදර්ලන්ත ජාතික 38 හැවිරිදි වෑන් හෝටන් වැල්කයිරි (2008) සහ බ්ලැක් ඩෙත් (2010) වැනි චිත්‍රපටවලින් හොලිවුඩයේ නමක් තබා ඇති නිළියක්.
නිරුවත් වෑන් හෝටන් උණුසුම් ජවනිකාවක​

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවල මෙලිසාන්ද්‍රේ ලෙස රඟපාන කැරිස්, සිබෙලිට වඩා වැඩිපුර නිරුවත් ජවනිකාවල රඟපානවා.
උපන් ඇඳුමෙන් සිටින මෙලිසාන්ද්‍රේ තවත් උපතකට සැරසෙයි

ගේම් ඔෆ් ත්‍රෝන්ස් හතරවන සීසන් එක අප්‍රේල් මාසයේ පටන් ගත්තා.

No comments:

Post a Comment