Wednesday, May 7, 2014

හිටපු බීබීසී නිවේදකයා බාලවයස්කාරියන් දූෂණය කළ බවට චෝදනා

වසර ගණනාවක් බීබීසී ආයතනයේ ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට සේවය කල ස්ටුවර්ට් හෝල් ගැටවර දැරියන් දෙදෙනකු බීමත් කොට ඔවුන් දූෂණය කළ බව අධිකරණයක් හමුවේ ප්‍රකාශ වුනා.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අඩන්තේට්ටම් කිරීමේ සිද්ධි ගණනකට වරදකරු වීමෙන් ගිය වසරේ හෝල් මාස 15 කට සිරගත කෙරුණා. පසුව එය මාස 30 කට දිගු කෙරුණා. මේ අනුව දැනටමත් ඔහු ඉන්නේ බන්ධනාගාරයේ.

අලුත් චෝදනාවන් කරළියට එන්නේ ඒ නඩුවෙන් පසුවයි.

මෙයින් පළමු ගැහැණු ළමයා ඔහු විසින් දූෂණය කරන්නේ 1976 හෝ 1977 හෝ බවයි කියවෙන්නේ. ස්ටුඩියෝවේ ඔහුගේ කාමරයේදී (dressing room) ඇය බීමත් කර දූෂණය කර තිබෙනවා. ඇයට ඒ කාළයේ වයස අවුරුදු 14 ක් පමණ වූ බවයි කියන්නේ. දැන් වයස අවුරුදු 84 ක් වන හෝල් එකළ වයස 40 ගණන්වල පසුවුනා. සිද්ධියෙන් පසුව දැරිය තමන්ටම දොස් පවරාගන තිබෙනවා. ඒ වගේම හෝල් ඇයව චාටු කතාවෙන් නම්මාගෙන තිබෙනවා. ඔහු ඇයව විවිධ අවස්ථාවල​ 30 වතාවක් පමණ දූෂණය කර ඇති බවයි කියවෙන්නේ.

අනෙක් සිද්ධිය ඊටත් වඩා කණගාටුදායක එකක්. එහිදී හෝල් අතින් කෙලෙසෙන දැරිය මුලින්ම ඔහුගේ ගොදුරක් බවට පත් වන්නේ ඇගේ වයස 11 ක් පමණ වෙද්දී. ඒ 1970 ගණන්වල අග භාගයේ. ඒ වෙද්දි දැරිය ලොකු ළමයෙක් වෙලා වත් නැහැ. අශ්ව ස්ථාලයක බිත්තියට හේත්තු කර ඇයව එදා දූෂණය කර තිබෙනවා.

පසු කාළයේ ඇයට වයස අවුරුදු 14-15 ක් පමණ වූ කාළයේ ඇයව ඔහු බීබීසී ස්ටුඩියෝවේ තම කාමරයට ගෙන ගොස් තියෙනවා. හෝල් ඇයව දිගටම චාටුවෙන් රැවටූ බවත් තමන්ට අයත් සෙල්ලම් බඩුවක් ලෙස ඈ යොදාගත් බවත් සඳහන්. එක වතාවක ඔහු සිහිවටනයක් විදියට ඇගේ ලිංගික ප්‍රදේශයේ කෙස් ටිකක් කපාගෙන අරන් තියාගත් බවත් සමහර අවස්ථාවල ඇගේ ඇඳුම් ගලවා නිරුවත් ශරීරයට ෂැම්පේන් වත් කරපු බවත් සඳහන්.

පැමිණිල්ල සඳහන් කරන්නේ අදාල දැරියන් බාලවයස්කාරියන් වූ හෙයින් ඔවුන් කැමැත්තෙන් ඔහු හා සිටියාද නැද්ද යන්න අදාල නොවන බවයි.

මේ ඇතැම් සිද්ධීන් බීබීසී ආයතනයට අයත් ස්ථානවල සිදුවීම නිසා ආයතනයද මේවන් සිදුවීම් පිළිබඳ යම් වගකීමක් දැරිය යුතු බව අදහසක් පළ වී තිබෙනවා. ආයතනයට එරෙහිව නඩුමගට බසින්නට සමහර පීඩාවට පත් වූවන් සූදානම් වන බව ආරංචියි.

No comments:

Post a Comment