Tuesday, May 6, 2014

අධිරාජ්‍යවාදී මැයි දිනය​

මැයි දිනය ලෝක කම්කරු ජනතාවගේ දිනයයි. 1886 මැයි 1 වනදා චිකාගෝ නගරයේදී කම්කරු පෙළපාලියකට වෙඩි තැබීමේ සිද්ධියක් සමරන්න 1890 සිට මැයි දිනය සමරනු ලබනවා.

සාමාන්‍යයෙන් දිනයක් නම් කරන්නෙ ඒ දිනය තුල පමණක් යමක් අගය කරන්න නෙවෙයි. උදාහරණයක් විදියට ලෝක පරිසර දිනයක් තියෙන්නෙ එදාට පමණක් පරිසරය රකින්න නෙවෙයි. ආදරවන්තයින් ගෙ දිනයක් තියෙන්නෙ එදාට විතරක් ආදරය කරන්න නෙවෙයි. කම්කරු දිනයක් තියෙන්නෙ එදාට විතරක් කම්කරුවො උඩ තියාගෙන යන්න නෙවෙයි.
ජපානයේ මැයි දින සැමරුමක්

නමුත් අද වෙනකොට කම්කරු දිනය තනිකරම බොරු රඟපෑමක් බවට පත්වෙලා. මේ ලංකාවෙ පමණක් නොවෙයි, ලෝකයේ බොහොම තැන්වල දකින්න ලැබෙන දෙයක්. අද කම්කරු රැළි පවත්වන්නෙ කම්කරුවො නෙවෙයි දේශපාලකයො.

ඇතැම් රටවල​, ඇතැම් කම්කරුවො තවම කම්කරුවන් වෙනුවෙන් පෙළපාලි යනවා. නමුත් බොහොම තැන්වල කම්කරුවො පෙළපාලි යන්නෙ දේශපාලකයො වෙනුවෙන්.

එතකොට දැන් බොහොම වෙලාවට කම්කරුවො පෙළපාලි යන්නෙ ධනපති පන්තිය වෙනුවෙන්. ධනේශ්වරයේ ඉහළම අවධිය අධිරාජ්‍යවාදය කියලා කියන නිසා, දැන් කම්කරුවො ගොඩාක් අය කඩේ යන්නෙ අධිරාජ්‍ය වෙනුවෙන්.

ඉතින් අපිටත් කියන්න වෙන්නෙ "අධිරාජ්‍යවාදය දිනේවා!" කියලා තමයි.

No comments:

Post a Comment