Tuesday, May 6, 2014

පියා ඉදිරියේ නිරුවත් වූ තරුණිය

චීනයේ සිෂුවාන් පළාතේ චිත්‍ර ශිල්පියකු වන ලී ෂුවාන්ග්පිං 2009 වසරේදී ඔහු අඳින ලද චිත්‍ර සඳහා අපූරු නිරූපිකාවක් සොයාගත්තා. ඒ ඔහුගේ දියණියයි. ලී විසින් අඳින ලද "Oriental Goddess Mountain Spirit" හෙවත් කඳුකර දෙවඟන චිත්‍ර සමූහය සඳහා ලී ක්වින් නම් ඔහුගේ තරුණ දියණිය නිරුවත් නිරූපිකාවක් ලෙස කටයුතු කළා. මෙය ඇතැමුන් විසින් සැලකුවේ සදාචාරයට පටහැනි දෙයක් විදියට. නමුත් සමහරුන් මෙය දැක්කේ චීන සමාජයේ නිදහස් චින්තනය පැතිරීමේ අංගයක් විදියට. මේ තාත්තා සහ දුව නම් කියන්නේ මෙය කලා කෘතියක් වෙනුවෙන් කළ දෙයක් පමණක් බවයි.
පියා සහ දියණිය ඔහු අඳින ලද චිත්‍රයක් සමඟ

චීනයේ චිත්‍ර කලාව තුල නිරුවත් කාන්තා සිරුර බහුලව යොදා ගැනුනේ නැහැ. නමුත් නිරුවත චිත්‍ර කලාවේදී බොහොම හොඳින් භාවිතා කළහැකි මාධ්‍යයක්. චීනයේත් දැන් දැන් එවැනි නිර්මාණ බිහි වෙනවා. ඒ වගේම ඡායාරූපකරණය සහ චිත්‍රපට වගේ මාධ්‍යවලදිත් නිරුවත දකින්න ලැබෙනවා. මේ නිසා හෙලුවෙන් ඉන්නා තරුණියක මේ චිත්‍රවල සිටීම ගැටලුවක් නොවෙයි. ගැටලුව ඒ තරුණිය චිත්‍ර ශිල්පියාගේ දුව වීමයි.

ලී ක්වින් කියන්නේ තමන් සිය පියා වෙනුවෙන් මෙලෙස ඇඳුම් උනා දැම්මත් චිත්‍රපට හෝ වෙනත් දේ හෝ වෙනුවෙන් මෙසේ නිරුවත් නොවන බවයි. ඇගේ අම්මා ඈ කල දේ සමඟ එකඟයි වගේම තමන් තව දුරටත් තරුණ නොවීම ගැන පොඩි ඉරිසියාවකුත් පෙන්නුම් කරනවා. දුවගේ රූ සපුව ලස්සනට චිත්‍රයට නගා තිබීම ගැන සතුටු වන ඇය තමන් ඒ සඳහා වයසින් වැඩි වීම ගැන දුක් වෙනවා.
ඈ හැබෑ ලස්සන යුවතියක්


සදාචාරය පිළිබඳ අවධානය දක්වන අය කියන්නේ පියකු ඉදිරියේ ඔහුගේ තරුණ දුවක හෙලුවෙන් සිටීම අනුමත කරන්න බැරි බවයි. ඒ කියන්නේ ඔවුන් අදහස් කරන විදියට වෘත්තීය නිරූපිකාවක් මේ සඳහා යොදා ගත්තා නම් ගැටලුවක් නැහැ.

සමහරවිට ඒ අය හිතනවා ඇති තාත්තා ඉස්සරහපිට චිත්‍රයකට ඇඳුම් ගලවාපු කෙල්ලක් සාමාන්‍ය වෙලාවටත් ලැජ්ජාවක් නැතිව ගෙදර හෙලුවැල්ලෙන් ඉන්න තරමට ලැජ්ජාව නැති වල් කෙල්ලක් කියලා. ලී ක්වින් එහෙම ගෙදර සිය පියා ඉන්නකොට ලජ්ජා නැතිව හෙලුවෙන් ඉන්නවාද දන්නේ නැහැ. නමුත් ඒ එයාලගේ පෞද්ගලිකත්වය බව කියන්න වෙනවා.

ආර්ථික විද්‍යාව පැත්තෙන් බලපුවාම වෘත්තීය නිරූපිකාවක් යොදා නොගැනීමෙන් චිත්‍ර ශිල්පියාට වාසියක් වෙලා තියෙනවා. මොකද ඒ වෙනුවෙන් වියදම් කරන්න අවශ්‍ය නොවුන නිසා. අනෙක එහෙම කෙනෙක් හොයාගන්න වෙන මහන්සියත් ඉතුරුයි නේ. අනික ආධුනික තරුණියක් යොදාගැනීමෙන් චිත්‍රවලට අමුතු එළියක් ලබිලාදෝ කියා හිතෙනවා.
කොටියාට බයද? අපට හෙලුව පේනවට බයද?

වෙනත් අය වෙනුවෙන් කලා කටයුත්තක් සඳහා නිරුවත් වෙන්නට ලී ක්වින් අකමැත්ත ප්‍රකාශ කළා වුනත් ඇගේ පියාගේ පින්සල ඇයව ලෝකයටම පෙනෙන්න නිර්වස්ත්‍ර කරලා තියෙනවා. ඇයගේ මුහුණ සහ චිත්‍රයේ මුහුණ අතර තිබෙන ලස්සන සමානකම දකින කෙනෙකුට ලී කවින්ගේ දෙතන සහ තට්ටම් ඇතුලු අනෙක් අවයවත් ඒ වගේම සමානව ඇඳලා තියෙනවා කියා සැක හිතෙන්න පුලුවන්. ඇත්තෙන්ම එය එහෙම නම් ලී ක්වින් ඉතා පියකරු අඟ පසඟ තියෙන, හැඩ කෙල්ලක බව කියන්න වෙනවා.
වනාන්තරයේ සහ නිරුවත් යුවතියගේ සොඳුරු සුසංයෝගය

(www.chinasmack.com)

1 comment:

  1. අප්පාට පින් ඇත මේ රෙදි ලිහුවට..
    …චිත්‍රෙන් දුවගේ හෙලු පේනා..

    ReplyDelete