Tuesday, May 13, 2014

බංගලිදේශයේ නිෂ්පාදිතයි

සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවන් බොහොම ලැජ්ජ බයට හැදුන අය බවයි අපි අහලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි අවුරුදු 22 ක මුස්ලිම් කෙල්ලක් ඉනෙන් උඩට නූල් පටක් නැතුව ඇඩ් එකක ඉන්නවා කිව්වොත් කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ.

නමුත් ළඟදි අපට එහෙම දෙයක් ඇමරිකාවෙන් අහන්න ලැබුණා.

දැන් කෙනෙක් කියයි ඇමරිකාවෙ එහෙම තමයි කියලා. ඇමරිකාවෙ සමහර තැන්වල ගෑණියක් හෙලුවැල්ලෙන් ප්‍රසිද්ධියෙ හිටියත් ඒක ගාණක් නැහැ. නමුත් මුස්ලිම් කෙල්ලක් හෝ වෙනත් සමහර ආගමක කෙල්ලක් එහෙම ඉන්න එක කොහේ වුනත් පුරුදු දෙයක් නෙවෙයි.

මේ කෙල්ල ඉන්නෙ ඇඳුම් කම්පැණියක ඇඩ් එකක​. ඇඳුම් කොම්පැණියක ඇඩ් එකක ඇඳුම් නැතුව ඉන්න එකෙත් අමුතු ගතියක් තියෙනවා.

මේ ඇඩ් එක ඇමරිකන් ඇපරල් කියන කම්පැණියෙ ඇඩ් එකක්. ඒ කොම්පැණිය මේ වගේ බාගෙට නිර්වස්ත්‍ර ගෑණු ඉන්න ඇඩ්වලට ප්‍රසිද්ධයි. ඒ වගේම ඒ අයගෙ විස්තරයක් පවා මේ ඇඩ්වල තියෙනවා.

ඇඩ් එක කියන විදියට මේ කෙල්ලගෙ නම මැක්ස් (Maks). වයස අවුරුදු 22 යි. ඉපදිලා තියෙන්නෙ බංගලාදේශයේ. පොඩි කාලෙ ඇමරිකාවට ඇවිත් තියෙන්නෙ. නමුත් එයාගෙ පවුල බොහොම සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක්. වයසින් වැඩෙද්දි ඒ සිරිත් විරිත් එපා වෙලා තමන් ගෙම ආවේනික විදියක් හොයාගෙන යන්න මැක්ස්ට අවශ්‍ය වුනාලු.

පින්තූරයේ හැටියට මැක්ස් කලුපාට ලස්සන කොණ් ඩයක් තියෙන බොහොම හැඩකාර කෙල්ලක්. එයාගෙ සිහින් ඉඟ වගෙම පළල් උකුළත්, ලොකු තන් දෙකත් ඒ ලස්සන තවත් වැඩි කරනවා. තන් දෙක ලොකු බව පෙනුනට නිපල් වැහෙන්න "Made in Bangladesh" (බංගලිදේශයේ නිෂ්පාදිතයි) කියලා කලු අකුරින් ලියලා තියෙනවා. බුරියට තරම් උස ජීන්ස් කලිසමක බොත්තමයි, සිපර් එකයි ගලෝලා ඉස්සරහින් පහත් කරගෙන ඉන්න විදියට යටට ඇඳපු කොළපාට පෑන්ටියත් පේනවා. බුරිය දිහා හොඳට බැලුවොත් ඒක විදලා තියෙන බවත් හිතෙනවා.

මේ ඇඩ් එකේ මැක්ස්ගෙ තන් දෙක උඩින් කියලා ලියලා තියෙන්නේ ඒ තන ගැන කියන්න නෙවෙයි. (ඒ තන් දෙකත් බංගලිදේශයේ නිර්මාණ කියන්න පුලුවන්) එයින් කියවෙන්නේ වෙනත් කතාවක්. බංගලිදේශයේ වගේ ශ්‍රමය සූරාකන ක්‍රමයක් තමන් අනුගමනය නොකරන බවත් සේවකයින්ට හොඳින් සලකන බවත් ආයතනය මෙයින් මතක් කර දෙනවා.

බංගලිදේශයේ පහුගිය අවුරුද්දෙ බිල්ඩිමක් කඩන් වැටිල අති විශාල ජීවිත හානි වුන බවත් අපට ඉන් මතක් කරල දෙනවා. ඒ අය ගොඩක් දෙනා ගාමන්ට් ෆැක්ටරියක වැඩ කරපු අය​. ඒ වගේ අඩු පහසුකම් තියෙන අනාරක්ෂිත ෆැක්ටරිවල බොහෝ දෙනා සේවය කරනවා. ඒ ෆැක්ටරි කොම්පැණි සමහරක් එක්ක ඇමරිකන් කොම්පැණි ගනුදෙනු කරනවා. ඒ ඔක්කොම මේ කම්පැණිය මතක් කරන්න බලාපොරොත්තු වෙන්න ඇති.

මේ පින්තූරවල අකුරුවලින් නොවැහුණ මැක්ස් ගේ තන් දෙක බලාගන්න පුලුවන්.

ඇඩ් එකට පින්තූර ගනිද්දි තමනට විශේෂ බයක් හරි අකැමැත්තක් හරි නොදැනුණ බව තරුණිය කියා තිබුණා.

No comments:

Post a Comment