Wednesday, May 28, 2014

යුද්ධයේ ආදීනව සිහි කරමින්

මේ වසර යුරෝපා ඉතිහාසයේ වැදගත් වසරක්. මොකද නාසි ජර්මනියට එරෙහි යුද්ධයේ මිත්‍ර රටවලට වාසි වෙච්ච වැදගත් අවස්ථා ගණනාවක 70 වන සංවත්සරය මේ අවුරුද්දේ යෙදිලා තියෙන නිසා.

එයින් ප්‍රධානම අවස්ථාවක් වෙන්නේ ජුනි 6 වෙනිදාට යෙදෙන නෝර්මැන් ඩි වෙරළට ගොඩ බැසීමේ සිදුවීමේ 70 වන සංවත්සරය​. ඊට අමතරව ජනවාරි 27 වනදා රුසියාව එයාලාගෙ රටට වැදගත්ම වුන සංවත්සරයක් සැමරුවා. ඒ ලෙනින් ග්‍රෑඩ් නගරය නිදහස් කරගැනීමේ 70 වන සංවත්සරය​.

මේ අතර ඉතාලියේ සිදු වෙච්ච වැදගත්ම සටනක​, ඒ කියන්නේ මොන්ටෙ කැසීනෝ සටනේ 70 වන සංවත්සරය ළඟදි සමරනු ලැබුණා. මේ සංවත්සරයට ප්‍රධාන අමුත්තා විදියට ආවෙ බ්‍රිතාන්‍යයේ හැරී කුමාරයා.

මේ අවස්ථාවෙ එහි තියෙන සොහොනට ගිය හැරී කුමාරයා එහි ටික වේලාවක් ඇවිද්දා.

මේ සොහොන් කොත් පේළි දෙක මැද්දෙන් වැටුණ පාර දිගේ හැරී කුමාරයා හැරෙන්නෙ නැතිව යන්නේ යුද්ධයේ ආදීනව සිහි කරමින් වගේ.

යුද්ධය කියන්නේ මහා සාපයක්. ඒ බව හැරී කුමාරයාට මේ සොහොන් බිමේදි වැටහෙන්න ඇති.

මොන්ටෙ කැසීනෝ කියන්නේ රෝමය කිට්ටුව තිබුණ සාන්ත බෙනඩික්ට් නිකායෙ ආරාමයක් සහිත කන් දක්. මේ ආශ්‍රිතව 1944 වෙච්ච මහා සටන නිසා මියගිය සහ තුවාල ලබාපු ගණන 75,000 ක් වත් වන බව කියවෙනවා.

No comments:

Post a Comment