Thursday, May 22, 2014

මුස්ලිම් ගැහැණු සහ බටහිර ගැහැණු

යම් කිසි කෙනෙක් අඳින ඇඳුම ගැන අනවශ්‍ය විදියට නීති පනවන එක වැරදියි. ඒ කියන්නේ කෙනෙකුට අවශ්‍ය විදියට ඇඳුම් පැළඳුම් අඳින්න පළඳින්න නිදහස තියෙන්න ඕන​. එතනදි යම් යම් ප්‍රායෝගික​, සදාචාරාත්මක හේතු නිසා සීමා පනවන්න වෙනවා. නමුත් පොදුවෙ ගත්තාම එතන නිදහසක් තියෙන්න ඕන​.

උදාහරණයක් ගත්තොත්, ඕන ඕන විදියට ඇඳුම් අඳින්න දෙනවා කියලා ලංකාවෙ ගෑණු ළමයෙක් හෙලුවෙන් පාරෙ ගියොත් ඒක ගැලපන්නෙ නැහැ නෙ. අනිත් අතට එක එක විදියට අඳින්න බල කරන එකත් හරි නැහැ.

මුස්ලිම් ගෑණු අය ඇඟම වැහෙන්න ඇඳුම් අඳින එක ගැනත් කතාව එහෙමයි. එයාලා කැමැත්තෙන් අඳිනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිහා හරි තාත්තා හරි වෙන එක්කෙනෙක් හරි කියන නිසා අඳින්න වෙනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ.

ඒ වගේම මුස්ලිම් ගෑණු කෙනෙක්ට ඇඟම වැහෙන්න අඳින්න තහනම් කරන එකත් හරි නැහැ. සමහර රටවල එහෙම කරලා තියෙනවා. ප්‍රංශය ඊට හොඳම උදාහරණයක්. ඒ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නැහැ කියලා මුස්ලිම් ගෑණු අයට සම්පූර්ණ ඇඟම වහන්න ඇඳුම් අඳින්න තහනම් කලා. නමුත් ඒ රටේ ඕන නම් හෙලුවෙන් ඉන්න පුලුවන් තැන් ඕන තරම්.

පහල තියෙන පින්තූරයේ ඉන්නේ ටියුනීසියානු කෙල්ලක්. අමීනා ස්බොවී. වයස අවුරුදු 20 යි. පොලිසිය බලන් ඉන්නකොට එයා තවත් මුස්ලිම් ගැහැණුන් කීපදෙනෙකුත් එක්ක මේ විදියට නිරුවතින් උද්ඝෝෂණයකට එකතු වුනා.

ඒ කියන්නේ ප්‍රංශයේ මුස්ලිම් ගෑණු ඇඟ වහන්න තහනම් වුනාට හෙලුවෙන් යන්න තහනම් නෑ. ඒක මහ විහිලුවක් විදියට මුස්ලිම් සමාජය දකින එක පුදුමයක් නෙවෙයි. ඒ විදියට බලපුවහම මුස්ලිම් සමාජය මේ විදියට එයාලගේ සහ බටහිර ගෑණුන්ව සසඳන්න පුලුවනි.


මේකෙන් පෙනෙන්නෙ මුස්ලිම් ගෑණු ඇඟ වහගෙන ලෝකය දිහා බලන් ඉන්න බව වෙන්න පුලුවන්. බටහිර අය හරි නිදහස්. ලෝකෙ අය මොකක් හිතුවත් තමන් ඉන්න කැමති විදියට ඉන්නවා. ලෝකෙ අනික් උන් මොකද හිතන්නෙ කියන දේ ගැන බලන්නෙ නෑ. නමුත් ඒ නිසාම ඒ අය කවුරුවත් ගැන ගණන් නොගන්නා අය වෙනවා. ඒ එක්කම සදාචාරයක් නැති අය වගේ පේනවා කාටත්.

නමුත් මේ පින්තූරය ගැන මෙහෙමත් කියන්න පුලුවන්. මුස්ලිම් ගෑණු කෙනෙක් ගැනම මේ පින්තූර දෙකෙන්ම කියන බව කෙනෙක්ට හිතන්න පුලුවන්. ඒ කියන්නෙ මෙහෙමයි. මිනිහා කියන නිසා සමාජයේදි ඇඟ වහගෙන ඉන්නවා. නමුත් ගෙදරදි, මිනිහාගෙ මොන දේ තිබුණත් ඒ ගැන මුකුත් නොකියා එයාට ඕන විදියට ජීවත් වෙනවා. මිනිහාට ඕන විදියට ඕන වෙලාවට ගෑණිව පාවිච්චි කරන්න පුලුවන්.  හෙලුවෙන් ඉන්නවා කියන්නේ ගෑණිගෙන් ඕන දෙයක් කරගන්න මිනිහාට පුලුවන්. ඒ වගේම මිනිහාගෙන් හංගන්න දෙයක් ගෑණිට ඉතුරු වෙලා නෑ. නමුත් මිනිහා ගැන කිසිම විවේචනයක් කරන්න ගෑණු එන්නෙ නෑ. මිනිස්සු කරන දේ ගැන උන් අන්ධයි.

එහෙම බැලුවම කොයි ක්‍රමයෙත් වැරදි තියෙනවා කියන්න පුලුවන්.

No comments:

Post a Comment