Saturday, May 17, 2014

ලෝක වාසී කම්කරුවන් එක් නොවීම​

ඉන්දියාවේ මහ මැතිවරණයත් එක්ක​ දේශපාලනයේ තවත් එක් පැත්තක් ගැන නැවත මතක් වුනා. ඒ තමයි ලෝකයේ කොච්චර නම් වාමාංශික​, සමාජවාදී කියාගන්නා පක්ෂ තියෙනවාද කියන එක​. ඒ වගේම ඉන්දියාවෙ ඡන්ද ප්‍රතිඵල තව දෙයක් මතක් කලා. ඒ තමයි ඒ පක්ෂවල දේශපාලන ශක්තිය​.

ලංකාව ගත්තම 1935 ලංකා සම සමාජ පක්ෂය බිහිවීමේ ඉඳලා අද වෙනකල් විශාල පක් ෂ ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. සමහර ඒවා නමට පමණක් සමාජවාදී. තවත් ඒවා සමාජවාදී ලේබලයට මොකක් හරි පොඩි සාධාරණයක් කරන බවක් පේනවා.

ලංකාවේ සමාජවාදී ලේබලය අලවාගත් පක් ෂ කීපයක්:

1. ලසසප​
2. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය​
3. ජනතා විමුක්ති පෙරමුණ​
4. පෙරටුගාමී සමාජවාදී පක්ෂය​
5. එක්සත් සමාජවාදී පක්ෂය​
6. මහජන එක්සත් පෙරමුණ​
7. නව සම සමාජ පක්ෂය​
8. ශ්‍රී ලංකා මහජන පක්ෂය​
9. සමාජවාදී සමානතා පක්ෂය​

තවත් බොහොම පක්ෂ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒවා සමහරක් අද ක්‍රියාත්මක නෑ. මේ කියපු පක්ෂ සමහරකුත් අද වෙනකොට ත්‍රීවීල් පක්ෂ වගේ වෙලා.

ඇමරිකාවෙත් සමාජවාදී කණ්ඩායම් බොහොමයක් තියෙනවා.
ඉන්දියාවෙත් ප්‍රධාන වාමාංශික පක්ෂ ගණනාවක් ක්‍රියාත්මකයි. නමුත් පහුගිය ඡන්දය ඒ අයට බොහොම නරක එකක් වුනා.
ඉන්දියාවේ වාමාංශික පක්ෂ සමහරක්:

1. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය​
2. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී)
3. සමස්ථ ඉන් දීය පෙරමුණු කණ්ඩායම​
4. ඉන්දීය ගොවි කම්කරු පක්ෂය​
5. ඉන්දීය විප්ලවකාරී සමාජවාදී පක්ෂය​

මෙවර ඡන්දයෙන් මේ බොහොම පක්ෂ හේදිලා ගියා, ඉස්සරින්ම කියාපු දෙක ඇරෙන්න​. ඒ පක්ෂ දෙකත් ඉතිහාසෙ නරකම ප්‍රතිඵලයන් පෙන්නුවා.

වාමාංශික පක්ෂවල බෙදීම් මෙච්චර වෙන්න හේතුවක් තමයි දේශපාලනයට වැඩිය තියරිය ලොකු කරගැනීම​. එහෙම නැතිව දේශපාලනය කරන පක්ෂ සමහරක් සාර්ථක වෙන අවස්ථා දකින්න පුලුවන්. නමුත් ගොඩක් වෙලාවට තියරිය ලොකු වීම නිසා පක්ෂ ගණන ලොකු වීමත් ඒ පක්ෂවල ශක්තිය වගේම බලපෑම කුඩා වීමත් වෙනවා දකින්න පුලුවන්.

No comments:

Post a Comment