Monday, May 12, 2014

රුසියාවෙත් එහෙම තමයි!

පසුගියදා මොස්කව් නගරයේදී රුසියාව විශාල හමුදා පෙළපාලියක් පැවැත්වුවා. ඒ දෙවන ලෝක යුද්ධය අවසාන වීමේ 69 වන සංවත්සරය නිමිත්තෙන්. මේ අවස්ථාවේ ජනාධිපති පුටින් බොහොම දේශප්‍රේමී කතාවක් කළා කියලා තමයි කියන්නේ.

අපේ රටේ ත්‍රස්තවාදය නිමා වෙලා අවුරුදු 5 ක් පිරීම නිමිත්තෙන් ළඟදීම තවත් උත්සවයක් පවත්වන්න නියමිතයි. මේ උත්සවය ලංකාවට ඉතා වැදගත් වන කාරණයක්.

රුසියාවේ දැවැන්ත පෙළපාලියට 11,000 ක සේනාවක් සහ විශාල යුධ වාහන​, මිසයිල​, ප්‍රහාරක යානා ආදිය අඩංගු වුනා. ලංකාවේ පෙළපාලිය එච්චර විශාල නොවුනත් මෙවැනි යුධ ශක්තිය පෙන්වීමේ අවස්ථාවක් වෙනවාට සැකයක් නෑ.

රුසියාව මේ පෙළපාලිය පැවැත්වූවේ යුක්‍රේනය පිළිබඳ විශාල ගැටලුවක් තියෙන අවස්ථාවක​. පුටින් බටහිරට කියන්නේ රුසියාව සමඟ හැප්පෙන්න එපා කියන එකයි.

ලංකාවට අවට රටවල්වලට බලය පෙන්වන්න බැරි වුනාට රට ඇතුලෙ ප්‍රශ්න ඇති කරන්න හදන අයට ලංකාවෙ පවත්වන පෙළපාලියත් හොඳ පණිවිඩයක් දෙයි කියල හිතන්න පුලුවන්.

මෙහිදී වැදගත් වන කාරණාවක් තමයි ලංකාවෙ ආයුධ සහ යුධ වාහන හැම එකක්ම පාහේ පිටරටින් ගෙන්වා තිබීමත්, රුසියාවේ හැම එකක්ම පාහේ ඒ රටේ සාදා තිබීමත්. ලංකාවේ සමහර යුධ ආම්පන්න සහ ප්‍රහාරක රථ සාදා තියෙන්නේ රුසියාවේ.

ලංකාව යුද්ධ කාළයේ කොච්චර මුදලක් අවි ආයුධවලට යට කරන්න ඇද්ද කියන එක මෙයින් පැහැදිලි වෙනවා.

No comments:

Post a Comment