Monday, May 26, 2014

ජනපති ඩාර්ත් වේඩර්

යුක්‍රේනයේ පෙබරවාරි මාසයේ සිදු වෙච්ච ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ඒ රටේ පවත්වන ලද පළමු ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුනා. එහිදී කලින් විචාරකයන් බලාපොරොත්තු වූ තරඟකරුවා පහසුවෙන්ම මැතිවරණය ජයගත්තා.

මේ ජනාධිපතිවරණයට එක්තරා අමුතු තරඟකරුවෙක් ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු වුනත් ඔහුට තරඟ කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ ඩාර්ත් වේඩර් නමින් තමන්ව හඳුන්වාගත් පුද්ගලයෙක්.

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ එන ඩාර්ත් වේඩර් වගේ වෙස් මූණක් පැළඳගෙන කලුපාට ඇඳුමක් ඇඳගත්තු ඩාර්ත් වේඩර් යුක්‍රේන ජාතිකයෙක්. ඔහු පසු කාළයක ඔහ්ගේ නම ඩාර්ත් වේඩර් ලෙස වෙනස් කරගෙන​. ඒ වගේම ඔහු යුක්‍රේන ඉන්ටර්නෙට් පක්ෂය නම් දේශපාලන පක්ෂයකුත් පිහිටුවා ගත්තා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනාට ඩාර්ත් වේඩර් කීව් සහ ඔඩෙස්සා නගරවල නගරාධිපති ධූර සඳහා ඉදිරිපත් කරපු නාම යෝජනා පිළිගැනුනා.

මේ අතරේ, මැතිවරන දිනය දා මෙයාට වෙනමම අබග්ගයකට මූණ දෙන්න සිදුවුනා. ඡන්දය දෙන්න ගිය වෙලාවේ තම වෙස්මූණ ගලවන්න අකැමති වූ නිසා ඔහුට ඡන්දය දෙන්න නිලධාරීන් ඉඩ දීලා නෑ.

මේ ඩාර්ත් වේඩර් ජනාධිපති වුනා නම් යුක්‍රේනයම පිස්සුවක් වගේ පෙනෙන්න ඉඩ තිබ්බා. නමුත් එයාට අර උඩ ඉන්න කට්ටියට අමතරව​ මේ වගේ බොඩි ගාර්ඩ්ලා ටිකක් හොයාගන්න පුලුවන් වුනානම් කතාව මීට වඩා ගොඩක් ලස්සන වෙන්න ඉඩ තිබුණා.

No comments:

Post a Comment