Wednesday, May 28, 2014

ජංගිය අමතක වූ කුමරිය​

බ්‍රිතාන්‍යයේ කේට් කුමරියට මෑතකදී ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා. ඇත්තෙන්ම මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අප්‍රේල් මාසයේ. නමුත් මේ ගැන එළි වුනේ දවස් කීපයකට කළින් ජර්මනියේ බිල්ඩ් කියන සඟරාව හරහා.

කේට් මිඩ්ල්ටන් නැත්නම් කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කියන්නේ එක්සත් රාජධානියේ විලියම් කුමාරයාගේ බිරිඳ බව බොහෝ දෙනෙක් දන්නවා. මේ දෙදෙනා විවාහ වුනේ 2011 අප්‍රේල් මාසයේ. 2013 ජූලි වෙද්දි මේ දෙදෙනාට පුතෙකුත් ලැබුණා. රාජකීය යුවළත් පුංචි පුතාත් අප්‍රේල් මාසයේ නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ සංචාරය කළා.

ඔස්ට්‍රේලියාවෙදි කේට් කුමරිය මුහුණ දුන් අකරතැබ්බය ගැන බිල්ඩ් සඟරාව කියන්නේ මෙහෙමයි. "පින්තූරවලින් පෙනෙන්නේ අපේ ප්‍රියතම ආදිපාදවරිය​, 32 හැවිරිදි කේට්, ඔස්ට්‍රේලියාවේ නීල කඳුකරයේදී. රාජකීය හෙලිකොප්ටරයේ අවරපෙති කැරකී අවට වායු ධාරා කළඹද්දී ඇගේ ඇඳුම එසවුනේ ඇගේ පියකරු නිතඹ අපට ප්‍රදර්ශනය කරමින්"

කේට්ගේ නිරාවරණය වූ නිතඹ​
මැයි 27 උදෑසන පිටවූ බිල්ඩ් ටැබ්ලොයිඩ් පුවත්පත මේ පින්තූරය තනිව පළ කළේ නැහැ. එය පළවී තිබුණේ කේට් කුමරිය තවත් අපහසුතාවයට පත් කරන විදියට​. ඒ කිම් සහ ක්ලෝයි කර්ඩශියාන් සහෝදරියන් දෙන්නාගේ පස්සවල් පෙනෙන පින්තූර දෙකකුත් එක්ක​.

මේ තුන් දෙනාගේම නම් පටන් ගන්නෙ ඉංග්‍රීසි K අකුරුවලින් වීමත් විශේෂයක්. ඒක නිසාම ඕනකමින් කර්ඩශියාන් අක්කා නගෝ දෙන්නාගේ පස්සවල් තෝරගත්තාද දන්නේ නැහැ. නමුත් ඒක අහම්බෙන් වෙන්න ඇති කියලා පින්තූරවලට දාපු කැප්‍ෂන් එකෙන් පේනවා. "ක්ලෝයි, කිම් සහ කේට්, පහුගිය දවස්වල​ අප පිස්සු වැට්ටූ පුකවල්" කියලා තමයි ඒ කැප්‍ෂන් එකේ තිබ්බේ.
"ක්ලෝයි, කිම් සහ කේට්, පහුගිය දවස්වල​ අප පිස්සු වැට්ටූ පුකවල්"

ක්ලෝයි කර්ඩශියාන් පස්ස පෙන්නගෙන ඉන්න පින්තූරය ගැන කතාව

ආරංචි විදියට මේ ෆොටෝ ගත්තු ශිල්පියා ඒවා බ්‍රිතාන්‍ය මාධ්‍යවලට දීලා තියෙනවා. නමුත් අනාගත රැජිණකගේ පස්ස පෙන්වන පින්තූර බාරගන්න ඔවුන් බැහැ කියලා. ඉන් පස්සෙ කේට් කුමරියගේ නිරුවත් පස්ස පැත්තෙ පින්තූරයකට හොඳම මිල දෙන්න කැමති වුන ආයතනයට ඒ පින්තූර විකුණලා තියෙන්නෙ.

මේ අනුව බ්‍රිතාන්‍ය රජකුමරියගේ හෙලුව පෙන්වන පින්තූරයකට වැඩිම මිලක් දීලා තියෙන්නේ ජර්මන් පත්තරයක්. එංගලන්ත රජ පවුල පැරණි ජර්මන් රජපවුලටත් නෑකම් කියන බව කියනවා.

මීට කළින් කේට් කුමරිය කසාද බැඳලා ටික කාලයකින් විලියම් කුමාරයා එක්ක නිවාඩුවක් ගත කරද්දි එයාගෙ තන් දෙකත් පොඩි බිකිනි පෑන්ටියකින් වැහුන පස්සත් පේන ෆොටෝ වගයක් හොරෙන් අරන් තිබුණා. ඒ ගැන නම් රජපවුල නීතියෙ පිහිට බලාපොරොත්තු වුනා. මොකද ඒ වෙලාවෙ පෞද්ගලික අවස්ථාවක් හොරෙන් පින්තූර ගහපු නිසා.

නමුත් මේ සිද්ධිය ගැන නම් රජපවුලට මුකුත් කියන්න බැරිවෙයි. අනාගත රැජිණක් ඇඳුම් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන නෙ. සදාකල් පවතිනවා කියලා කියන බ්‍රිතාන්‍ය රජපවුලෙ අනාගත රැජිණක් ඇඳුම් ගැන නොසැලකිළිමත් වීම කොහොමටත් සුදුසු නැහැ. ජංගියක් අඳින්න බැරිනම් අඩු ගණනෙ හුළඟෙ යන්නෙ නැති ඇඳුමක්වත් අඳින්න තිබුණානෙ. ඒ ගැන ෆොටෝ ගත්තු කෙනා මොකක් කරන්නද​?

No comments:

Post a Comment