සිය බිලී කොක්කට ඇමක් අටවන ඈ, වමතින් ඔරුව අල්ලාගෙන සුරතින් බිලී පිත්ත ජලයට දමයි. කට නිසා නැසෙන මෝඩ මාලුවකු අසු වූ පසු ඈ නැවත එය ඇදගනී. මාලුවා ඈ වෙත වන කුඩා භාජනයකට වැටේ. නැවතත් එම චක්‍රය ඇරඹේ.
ඔරුවෙහි සිට මසුන් අල්ලන්නට සම්මාදම් වන හංසයින් දෙදෙනෙකි. තරුණියගේ ස්වාමියාට උන් දෙන්නා මනාව දිස් වෙයි. තරුණිය චලනය වනවිට ඒ සමඟම හංසයින් ද චලනය වේ. විටෙක ඔව්හු එසවෙති. විටෙක පහළ වැටෙති. විටෙක තරුණියගේ අත සමඟ එකෙක් එසවේ. අනෙකා එසේම සිටී. මඳ පවන හංස තුඩු සිපගනී.
විටෙක ඔව්හු එසවෙති. විටෙක පහළ වැටෙති. |
ඇති තරම් මසුන් අල්ලාගන්නා තරුණිය ඔරුවෙහි හබල් දෙක ගෙන එය ගොඩට පදවයි. හබල් පසෙකලන ඈ ගොඩට බැස බිලී පිත්ත අතකටද, මසුන් බඳුන අනෙක් අතටද ගනී. සිය සැමියා වෙත ඈ තමා සිටි ස්වභාවයෙන්ම, එනම් නිරුවතින්ම, පැමිණේ. ඇගේ හංස යුවළ ලතාවට නැළවේ.
සිය භාජනය ඔහුට දෙන ඈ ඔහු අසළින් ඉඳගනී. බෝට්ටුවේ ලෑල්ල මෙන් සමතල නොවන කොටය මතින් නිරුවතින් හිඳ ගනිද්දී, කොටයේ අසමමිතික සහ කඩතොලු ස්වභාවය ඇගේ සමමිතික, මෘදු නිතඹ අපහසුවට පත් කරයි. ඈ සිය සැමියා ගිනිමැලය දල්වනු බලා හිඳී.
ඔහු ඝන රෙද්දෙන් මැසූ කොට කලිසමක් ඇඳ සිටීම කෙරෙහි ඈ ඊර්ශ්‍යා කරයි. ඒ ඔහු විළි වසාගෙන සිටියදී ඈ සෙලුවෙන් සිටීම පිළිබඳ නොසතුටකින් නොවේ. ඔහුගෙන් ආවරණය කළයුතු විළියක් ඇයට නැත. නමුත් ඔහුට කලිසමෙන් ලැබෙන ආරක්ෂාව තමන්ට නොලැබීම කෙරේ ඈ කණගාටුවට පත් වෙයි.
සැමියා ගිනිමැලය දල්වා සිය බිරිඳගේ හංසයකු පිරිමදී.
"ඉවසන්න" ඈ කියයි.
"ඇයි?" ඔහු අසයි.
"ගිනිමැලය ඔබ සිටින තෙක් නොසිටියි. මම ඔබ එනතෙක් හිඳිමි."
ඔහු ඈ සිපගෙන මසුන් පුලුස්සන්නට පටන් ගනී.
No comments:
Post a Comment